විශ්මිත වූ මිනිස් මොළය

Brain

  • මිනිස් මොළය කියන්නේ මිනිස් සිරුරේ වඩාත් සංකීර්ණ හා ආකර්ෂණීය ඉන්ද්‍රියන්ගෙන් එකක්. 
  • එය බිලියන ගණනක නියුරෝන වලින් සමන්විත වන අතර උපාගම ලෙස හඳුන්වන සම්බන්ධතා ට්‍රිලියන ගණනකින් පමණ සන්නිවේදනය සිදු කරයි. 

QBS_Psychology_human-brain-activities_Featured

  • මිනිස් මොළය කොතරම් විශ්මයජනක ද යන්න පහත කරුණු වලින් මනාව සනාථ වේ.
  1. මිනිස් මොළයෙන් 60% ක් මේදයෙන් සමන්විත වෙනව. මෙය මිනිස් සිරුරේ මේදය අධිකම ඉන්ද්‍රිය වේ.
  2. මිනිස් මොළය වර්ධනය සම්පූර්ණ වන්නේ වයස අවුරුදු 25 දී පමණය.
  3. මිනිස් මොළයේ දත්ත ගබඩා කිරීමේ හැකියාව අසීමිත ලෙසයි සැලකෙන්නේ. කාලයත් සමග මිනිස් මොළයේ නියුරෝන ඒකාබද්ධ කළ හැකි අතර එමගින් දත්ත ගබඩා කර ගැනීමේ ධාරිතාව වැඩි වේ.
  4. මිනිස් මොළයේ තොරතුරු සම්ප්‍රේෂණය වීමේ වේගය 431.2 Km/h පමණ වන බව සොයාගෙන ඇත.
  5. මිනිස් සිරුරේ සිට මොළයට තොරතුරු ගෙන යන සුසුම්නාව වර්ධනය වීම සාමාන්‍යයෙන් අවුරුදු 4 දී පමණ නතර වේ.
  6. මිනිසා තම මොළයෙන් 10% ක් පමණක් භාවිතා කරන බව අසත්‍යයකි. අප ඇත්තටම මුළු මොළයම අපගේ කාර්යයන් සඳහා භාවිතා කරයි.
  7. මිනිස් මොළයේ බර කිලෝ ග්‍රෑම් කිලෝ ග්‍රෑම් 1.360 පමණ වේ. එමෙන්ම පිරිමින්ගේ මොළයෙහි ප්‍රමාණය ගැහැණුන්ගේ මොළය ට සාපේක්ෂව විශාල බව සොයාගෙන ඇත.
  8. මිනිස් මොළයට වොට් 23 ක පමණ විදුලි බලයක් ජනනය කිරීමේ හැකියාවක් පවතී එය සාමාන්‍ය විදුලි බල්බයක් දැල්වීමට ප්‍රමාණවත්ය.
  • මිනිස් මොළය සතුව විශාල කාර්යභාරයක් පවතී.

Brain_Functionality

එය සෞඛ්‍යමත්ව රැක ගැනීමට අප වග බලා ගත යුතුය. මේ සඳහා,

  • නිතිපතා ව්‍යායාම කිරීම,
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම,
  • පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීම
  • මානසික හා සමාජීය සමාජීය සුවතාවය   

අත්‍යවශ්‍ය වේ.

 

අන්තර්ජාලය ඇසුරිනි.

 

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top