මාරාන්තික කොරෝනාවෙන් ආරක්ෂා වෙමු

වර්ෂ 2019 අග භාගයේ චීනයේ වුහාන් නගරයෙන් සොයාගත් යැයි සැලකෙන කෝවිඩ්-19 නොහොත් නව SARS- CoV2 වෛරසය නිසා තවමත් ලෝකය පුරා කෝවිඩ්-19 මරණ හා ආසාදිතයන් බහුල වශයෙන් වාර්තා වේ.   ඇතැම් රටවල් මෙම නව අභියෝගයට සාර්ථකව මුහුණ දී ඇති අතර, ඒ අනුව රෝග පැතිරීම පාලනය කිරීම, නව ආසාදිතයින් වාර්තා වීම අවම කර ගැනීම හා බිඳ වැටුණු ආර්ථිකය යලි නගා සිටුවීම ආරම්භ කර ඇත. නමුත් බොහොමයක් රටවල් වල සෞඛ්‍ය අංශ ධාරිතාවයන් ඉක්මවා ගිය අගයකට පත් ව තිබෙන අතර රටේ ආර්ථිකය ශීඝ්‍ර පසුබෑමකට ලක්ව තිබේ.

ඇත අතීතයේ සිටම ලොකවාසි ජනයා මෙවන්ම වූ විවිධ වසන්ගත රෝග වලින් පීඩා විද තිබේ. එ අතර HIV/ AIDS, විවිධ ඉන්ෆ්ලුඑන්සා ආසාදන, කොලරාව, වසූරිය වනි රෝග මගින් විශාල ලෙස මිනිස් ජීවිත   ප්‍රමාණයක් අපට අහිමි වී ඇත. කලින් කලට අති උනු මෙම රෝග තත්ව පාලනය කරගැනීමට හැකිවූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි විද්‍යාඥයන් දැක්වූ නොමසුරු දායකත්වය නිසාවෙනි.

1796 කාලයේදී එඩ්වඩ් ජෙන්නේර් නම්වූ ඒ සුවිශේෂී විද්යන්ඥයා විසින් වසුරිය සඳහා එන්නතක් සොයා ගැනීම වෛද්‍ය ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රගමනයක් ඇති කිරීමට සමත් විය. එන්නත මගින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් රැක ගැනීමට හැකිව වූ අතර ඒ සමගම බොහෝ විද්‍යාඥයන් විවිධ වසංගත රෝග වලට එරෙහිව එන්නත් සෙවීමට වඩ වඩාත් යුහුසුළු  විය.

මෙතෙක් අපව පීඩාවට පත් කළ බොහොමයක් වසංගත පාලනය කිරීම සිදු කර ඇත්තේ අදාළ රෝග කාරකයාට එරෙහිව නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත් හඳුන්වාදීම තුළින් වීම විශේෂත්වයක් වේ.  අතීතයේ සිටම රෝග පාලනයට සඳහා මෙම එන්නත් ඉමහත් දායකත්වයක් ලබා දී තිබේ.

එන්නතකින් ප්‍රතිශක්තිකරණය වර්ධනය වන්නේ කෙසේද?

යම්කිසි විශබීජයක් අපගේ ශරීරය තුලට ඇතුලු වූ පසු ඊට එරෙහිව යම් කිසි ප්‍රතිශක්තිකරනයක් ගොඩ නැගීම සිදුවේ. මූලිකව වශයෙන් එන්නතකින් සිදු වන්නේ බාහිර ක්‍රමවේ ක්‍රමවේදයක් ඔස්සේ අදාළ රෝගකාරකයා ශරීරය තුලට හදුන්වාදීමෙන් ඊට එරෙහිව සූදානම ශරීරය තුල ඇතිකිරීම වේ. ශරීරය තුළට හඳුන්වා දීමට පෙරදීමට පෙර රෝගකාරකයාගේ ගුණ හානි කරණය සිදු කරන බැවින් කිසිවිටෙකත් ඔබට රෝගය වැළඳෙන නොලැබේ. අදාළ ප්‍රතිශක්තිකරණය පමණක් වර්ධනය වීම සිදුවේ. සැබෑ රෝගකාරකයා ආසාදනය වූ අවස්ථාවක, පෙර වර්ධනය වූ ප්‍රතිශක්තිකරණය නිසා දරුණු රෝගී තත්ත්වයක් ඔබට ඇති නොවන අතර, ඇතිවිය හැකි අතුරු ආබාධ ද මෙමගින් අවම කරගත හැකියි.

ඔබ දන්නවා බිළිඳෙකු මෙලොව එළිය දුටු මොහොතේ පටන් යම්යම් රෝග වලට එරෙහිව එන්නත් කරණය කිරීම සිදුවන බව?

මෙම ක්‍රියාවලිය මඟින් රෝග ගණනාවකට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය කුඩා කල සිටම අපගේ දේහයන් තුළ ජනිත කිරීම සිදුවේ. එන්නත් මගින් ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර නිශ්චිත රෝගකාරකයා විගසින් හදුනාගෙන එයට එරෙහිව සටන් කිරීම සිදු කරයි.

උදාහරණ ලෙස ක්ක්ල්කැස්ස, ගල්පටලය, ඩිප්තීරියාව,සරම්ප,  රුබෙල්ලා වැනි රෝග  ගණනාවකට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය කුඩා කල සිටම අපගේ ශරීරය තුළ එන්නත්කරණය  නිසා වර්ධනයවී තිබෙනවා. එන්නත ලබා දීමෙන් පසු, ඔබට රෝගය ආසාදනය වුවහොත්, ඔබගේ අසනීපයේ දරුණු බව අඩුවීමට වඩා ඉඩකඩ ඇත.

රජය මගින් සිදු සිදුකරන එන්නත් කරන වැඩපිළිවෙළ කොතරම් දුරට සාර්ථක ද කියනවා නම් අධ්‍යන කටයුත්තකට සඳහාවත් මෙවැනි රෝගියෙක් සොයාගන්න බැරි තරමටම රෝගවලින් මේ වන විට අපගේ ප්‍රජාව  ආරක්ෂා වී තිබේ. එම නිසා ප්‍රතිශක්තිකරණ එන්නත වැදගත්කම වන්නේ භයානක රෝග වලින් ආරක්ෂා වීමට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම වේ.

කොරෝනා වෛරසයේ ස්වභාවය කෙබඳුද?

කොරොන වයිරස් යනු විශාල වෛරස් පවුලක් වන අතර මෙයින් සමහර ඒවා   පමණක් මිනිසුන්ට ආසාදනය වේ. මෙම පවුලේ නවතම සාමාජිකයා නව SARS- CoV2 වෛරසය වේ.

මිනිසුන් ආසාදනය කරන අනෙකුත් කොරොන වයිරස් මෙන්, නව SARS- CoV2 වයිරසය ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ප්‍රධාන වශයෙන් ඇති කරයි. කොරෝනා වෛරස ආවරිත වෛරස වේ. ප්ලාස්ම පටලයේ කින් නිර්මාණය වුණු ආවරණයකින් වෛරසය ආරක්ෂා වී ඇත. වෛරසය ධාරක සෛලයකින් පිටත සිටින විට ආරක්ෂාවට වැදගත් වේ. වෛරසයේ ජානමය සැලැස්ම, RNA/ mRNA ලෙස ගබඩා වී ඇත.  වෛරසයේ පැවැත්ම උදෙසා අවශ්‍ය ප්‍රෝටීන් වර්ග නිපදවීම හා ගුණනය ට අදාල පණිවිඩ නිකුත් කරයි. කොරෝනා වයිරසයේ පිටත පෘෂ්ඨයෙහි දක්නට ලැබෙන මෙම බල්බ ප්‍රක්ෂේපන ස්පයික් (Spike) ප්‍රෝටීන වේ. එමඟින් වෛරසය ධාරක සෛල වලට සම්බන්ධ වී ඒවා ආසාදනය වීමට විවෘත වේ.

වෛරස් ආසාදන වලට එරෙහිව ඉන්නත් නිපදවීමේදී විවිධ වූ තාක්ෂණික ක්‍රම භාවිතා කරනු ලැබේ. මිනිස් සිරුර තුළ SARS- CoV2 වෛරසයට එරෙහිව ප්‍රතිදේහජනක ප්‍රතිදේහ ප්‍රතික්‍රියා ඇති වන්නේ වෛරස පෘෂ්ඨයෙහි ඇති ස්පයික් ප්‍රෝටීන වලට වේ. මෙම ප්‍රෝටීන ප්‍රතිදේහජනක ලෙස හැඳින්වේ. බොහෝමයක් කෝවිඩ් එන්නත් වර්ග නිෂ්පාදනය කර ඇත්තේ මෙම ස්පයික් ප්‍රෝටීන ඉලක්ක කරගෙනයි.

කෝවිඩ්-19 ට එරෙහිව ඇති එන්නත් මොනවාද?

වර්තමාන විද්යන්ඥයන් කොවිඩ් මර්දනය සදහා එන්නතක් සොයාගැනීමට වඩාත් යුහුසුළු වුවේ එන්නත් වල ඇති ආරක්ෂාව සහිත බවත්, සාර්ථක බවත් නිසාවෙනි. ලෝකය පුරාම විවිධ සමාගම් මගින් කොරෝනාවට එරෙහිව එන්නත් ප්‍රභේද කිහිපයක් ම මේ වන විටත් ජනතාවට ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අතර

  1. Pfizer-Biontec එන්නත
  2. Oxford-AstraZeneca එන්නත
  3. Moderna එන්නත
  4. Sputnik-V එන්නත
  5. Jansen එන්නත
  6. Sinopharm එන්නත
  7. Sinovac එන්නත
  8. Novavax එන්නත
  9. Covaxin එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබේ.

 මීට අමතරව 270 කට අධික එන්නත් වර්ග සංඛ්‍යාවක්  සායනික පරීක්ෂා වල පසුවෙයි.

මෙම සියලුම එන්නත් එකිනෙකට තරමක් වෙනස් වන අතර සෑම එන්නතකින් ම සිදු කරන්නේ කොරෝනාවට එරෙහිව අපගේ දේහයන් තුළ ප්‍රතිශක්තිකරණය ඇති කිරීමයි. එය සිදු වෙන්නේ කෙසේදැයි අපි දැන් සොයා බලමු.

Sinopharm, Sinovac

සාම්ප්‍රදායික ක්‍රමයක් වන මරණයට පත් කරන ලද ක්ෂුද්‍ර ජීවීන් අඩංගු එන්නත් කාණ්ඩයට අයත් වේ. මරණයට පත් කරන ලද SARS- CoV2 වෛරසය එන්නත තුළ අඩංගු වේ. එන්නත ලබාගැනීම ගැනීමෙන් ඔබ රෝගී නොවන අතර වයිරස් පෘෂ්ඨය මත ඇති ‍ප්‍රතිදේහජනක වලට එරෙහි ප්‍රතිදේහ පමණක් නිපදවීම සිදුවේ. එබැවින් කෝවිඩ්-19 ආසාදනය වේ යැයි බිය වීමට අවශ්‍ය නැත.

Novavax, Sanofi/ GSK

අක්‍රීය කරන ලද ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හදුන්වාදීම වෙනුවට අදාල ක්ෂුද්‍ර ජිවීයාගේ කොටසක් (උප ඒකක) මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇතිකිරීම සිදුවේ. මෙහිදී අප කලින් සඳහන් කළ SARS- CoV2 වෛරස පෘෂ්ඨයෙහි ඇති ස්පයික් ප්‍රෝටීන පිරිසිදු කර, වෙන්කර අදාල එන්නත නිෂ්පාදනය කර ඇත. එන්නතක් ඔස්සේ ශරීර ගත වූ විට   ඔබගේ ශරීරය  එය හඳුනා හඳුනාගන්නේ  සැබෑ වෛරස් ආසාදනයක් ලෙසයි. මෙම  ක්‍රමවේදය ද අතීතයේ සිට වෛරස් වලට එරෙහිව එන්නත්   නිෂ්පාදනය කිරීම සඳහා යොදාගත් ක්‍රමවේදයකි. කිසිවිටකත් එන්නත මගින් කෝවිඩ්-19 ආසාදනය වීමට ඉඩ ප්‍රස්ථාව නොමැත.

නව්‍යකරණය වූ එන්නත් වර්ග ලෙස

mRNA එන්නත් ගණයට අයිති වන Moderna, Pfizer එන්නත් සායනික පරීක්ෂාවලින් තරමක් ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කළ එන්නත් ලෙස හැඳින්විය හැක. මෑතක් වනතුරුම mRNA එන්නත් පර්යේෂණ මට්ටමේ පැවතුණද කොරෝනා වසංගතයත් සමගම ඒවායේ සපඵලතාවය උරගා බලන්නට පර්යේෂකයන් සමත් වී තිබේ.

මෙහිදී සිදු වන්නේ SARS- CoV2 වෛරසයේ ස්පයික් ප්‍රෝටීන නිපදවීම්ට අදාල mRNA කේතය වෙන්කර සුදුසු මාධ්‍යයක් ඔස්සේ මිනිස් ශරීරගත කිරීමයි. සිරුරට අදාල ප්‍රෝටීන නිපදවීමේ යාන්ත්‍රනය උපයෝගී කරගනිමින් ස්පයික් ප්‍රෝටීන දහස් ගණනක් මිනිස් සිරුර තුළ නිපදවේ. ‍ප්‍රතිදේහජනක වලට එරෙහි ප්‍රතිදේහ පමණක් නිපදවීම සිදුවේ

ප්‍රතිසංයෝජන එන්නත් කාණ්ඩයට අයත් වන Oxford-AstraZeneca, Sputnik V සහ Janssen/ J&J එන්නත් තරමක් වෙනස් තාක්ෂණයක් භාවිතා කරයි. Adenovirus වෛරස් කාණ්ඩයට අයත් වෛරසයක් (උදාහරණ : චිම්පන්සින් සඳහා සෙම්ප්‍රතිශ්‍යාව  ගෙන එන ChAdOx1 ලෙස හඳුන්වන වෛරසයක්) වාහකයෙක් ලෙස මේ සඳහා යොදා ගනු ලබයි. SARS- CoV2 වෛරසයේ ස්පයික් ප්‍රෝටීන නිපදවීම්ට අදාල DNA කේතය   රැගත් වාහකයා මිනිස් ශරීරය තුළට ඇතුළු වූ පසු ධාරක සෛල තුළට ඇතුළු වී එහි යාන්ත්‍රණය උපයෝගීකර කරගනිමින් mRNA අනු විශාල ලෙස නිපදවයි. ප්‍රෝටීන නිපදවීම්ට අදාල mRNA කේතය අනුව සෑදෙන ස්පයික් ප්‍රෝටීන  ධාරක සෛල මතුපිට ඉස්මතු වේ. ස්පයික්  ප්‍රෝටීන   හඳුනාගන්නා ප්‍රතික්‍රියක සෛල ඊට එරෙහිව ප්‍රතිදේහජනක ප්‍රතිදේහ ප්‍රතික්‍රියා ක්‍රියාවලිය අරඹයි. මිනිස් සිරුර තුළ අදාල ප්‍රතිශක්තිකරණය වර්ධනය වේ.

මේ අතුරින් ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා අනුමත කර ඇත්තේ

  1. Pfizer-Biontec එන්නත
  2. Oxford-AstraZeneca එන්නත
  3. Moderna එන්නත
  4. Sputnik-V එන්නත
  5. Sinopharm එන්නත

මෙම සියලුම එන්නත් වලින් සෑදෙන ප්‍රතිදේහ දිගුකාලයක් අප සිරුරේ පවතින බැවින් ස්වාභාවිකවම මෙම ප්‍රෝටීන නිෂ්පාදනය කරන ව්‍යාධි ජනකයා පසුකාලීනව සිරුර තුළට ඇතුළුවුවහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එයට එරෙහිව ක්ෂණිකව ප්‍රහාර එල්ල කරයි.

එමනිසා මේ සියලුම එන්නත් කෝවිඩ්-19 හමුවේ සිදුවන මරණයන් හා රෝහල් ගතකිරීම් අවම කිරීමත්, රෝගයේ සංකූලතා අවම කර ගැනීමටත් මහත් සේ  උපයෝගී වන බව පැහැදිලිය. තවද ප්‍රජාවෙන් වැඩි පිරිසක් කෝවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය කර කරගැනීම මගින් වෛරසය ප්‍රජාව අතරේ පැතිරයාමේ පාලනයක් ඇති බව පර්යේෂකයෝ සොයා සොයාගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතා කරන සියලුම එන්නත් ආරක්ෂාකාරී වන අතර හොඳ ප්‍රතිශක්තිකරණ මට්ටමක් ඇති කරයි. එම නිසා ඔබට ලැබෙන කුමන හෝ එන්නත් වහාම ලබා  ගැනීමට කටයුතු කරන්න. ඔබත්, ඔබගේ පවුල්ත්, ප්‍රජාවත් ආරක්ෂා කරගැනීමේ පහසුම මාර්ගය ඔබ විසින් එන්නත ලබා ලබාගැනීමයි. එන්නතේ   අවශ්‍ය මාත්‍රා සියල්ලම ලබා ගත්තද සම්පූර්ණයෙන් අවදානම පහ වී නොමැත. එම නිසා නිවැරදි සෞඛ්‍ය වූ උපදේශ අනුගමනය කිරීම් අනිවාර්ය වේ.

කෝවිඩ්-19 එන්නතෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

එන්නත් ඇතුළු ව, ලොව පවතින සියලු ඖෂධ වල අවදානම් සහ ප්‍රතිලාභ ඇත. සාමාන්‍යයෙන් ඇතිවන කිසියම් අතුරු ආබාධයක් ඉතා සුළු වන අතර, දින කිහිපයක් පමණක් පවතී.

ඕනෑම එන්නතක් මෙන්, කෝවිඩ්-19 එන්නත ලබා ගැනීමෙන් පසුව වුවද, ඔබට බහුල තාවකාලික අතුරු ආබාධ ඇතිවිය හැකිය. එන්නත් ලබා ගැනීමෙන් පසුව ඇතිවිය හැකි බහුල අතුරු ආබාධවලට පහත ඒවා ඇතුලත්විය හැක:

  • එන්නත් කල ප්‍රදේශයේ වේදනාව
  • වෙහෙසකර ගතිය
  • හිසේ කැක්කුම
  • මාංශ පේශි රුදාව
  • උණ සහ සිරුර සීතලවීම

වෙනත් එන්නත් සමඟ සැසඳීමේදී මෙම එන්නත සමහර අය අතර ෆ්ලූ ආකාරයේ වඩා සැලකිය යුතු ආකාරයේ රෝග ලක්‍ෂණ ඇතිවිය හැකි අතර, ඔබගේ සාමාන්‍ය රාජකාරිවලින් බැහැරව සිටීමට අවශ්‍ය විය හැකිය. Pfizer-Biontec එන්නතෙහි, මෙම රෝග ලක්‍ෂණ දෙවන මාත්‍රාවට පසුව වඩා බහුලවේ. Oxford-AstraZeneca එන්නතෙහි, මෙම රෝග ලක්‍ෂණ පළමුවන මාත්‍රාවට පසුව වඩා බහුලවේ.

බොහෝ අතුරු ආබාධ ඉතා අු සහ තාවකාලික වන අතර දින 1-2 අතරේදී පහව යයි. වෙන ඕනෑම බෙහෙතක් හෝ එන්නතක මෙන්, අවිනිශ්චිත සහ ඉතා විරල සහ/හෝ නොදන්නා අතුරු ආබාධ තිබිය හැකිය.

පහත අවස්ථාවල ඔබගේ පවුලේ වෛද්‍යවරයා හෝ හෙදිය හමුවන්න, නැතිනම් කෙළින්ම රෝහල වෙත යන්න:

  • ඔබ සලකන ආකාරයට දරුණු හෝ අනපේක්‍ෂිත ප්‍රතිචාරයක් ඇතිනම්
  • එන්නත ලබා ගැනීමෙන් පසු ඔබගේ තත්වය සම්බන්ධයෙන් ඔබ කනස්සල්ලෙන් සිටීනම්.

 

එන්නත් වල ආරක්ෂාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරතුරුවම අවදානයෙන් සිටිනු ලැබේ. සියලුම එන්නත් හි ආරක්ෂාව සම්බන්ධව ඇති ගැටලු හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ඔබට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය හරහාද මෙම තොරතුරු ලබාගත හැක. හැකි සෑම විටම, නිල නොලත් මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය තොරතුරු බැහැර කරන්න. ලෝකයක් වශයෙන් මෙම වසංගතය ජය ගැනීමට අවශ්‍ය නම් ඊට සුදුසුම මාර්ගය වන්නේ එන්නත්කරනයයි.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top