කෘතිම සීනි රසකාරක හෙවත් “Artificial Sweeteners”

ඔබ ඔබේ කෑම වේලෙහි සීනි සහ කැලරි අඩු කිරීමට උත්සාහ ගන්නේ නම්, ඔබට කෘතිම රසකාරක හෝ සීනි ආදේශක වෙත යොමුවිය හැක.

කෘතිම රසකාරක හා සීනි ආදේශක “සීනි රහිත ආහාර” ලෙස අලෙවි කරන විවිධ ආහාර පාන වල දක්නට ලැබේ. මේ රසකාරක මොනවාද , ප්‍රදාන ආහාර වේලෙහි ඒවායෙහි කාර්‍යභාරය කුමක්දැයි මදක් විමසා බලමු.

සීනි ආදේශක යනු සාමාන්‍ය සීනි (සුක්‍රෝස්) වෙනුවට භාවිත කරන රසකාරක වේ. කෘතිම රසකාරක යනු එක් සීනි ආදේශකයක් පමණි.

ස්වාභාවික රසකාරක යනු සීනි හෝ වෙනත් සීනි ආදේශක වලට වඩා සෞඛ්‍ය සම්පන්න විකල්ප ලෙස භාවිත කරන සීනි ආදේශක වේ.

අමෙරිකාවේ FAD (Food and drug administrator) ආයතනය විසින් භාවිත කිරීමට ආරක්ෂිත ස්වාභාවික රසකාරක ලෙස, පලතුරු යුෂ හා පැණි, මී පැණි, මොලැසස්, මේපල් සිරප්, හඳුන්වා දෙයි.

මෙහිදී කෘතිම සීනි ආදේශක ඖෂධ පැලෑටි හෝ සීනි වැනි ස්වාභාවිකව ඇති ද්‍රව්‍ය වලින් ව්‍යත්පන්න වියහැක. කෙසේ නමුත් මෙමෙ කෘතිම රසකාරක , සීනි වලට වඩා බොහෝ පැනිරසකින් යුක්තවන නිසා “ත්‍රීව්‍ර රසකාර” ලෙසද හඳුන්වය.

කෘතිම රසකාරක යොදාගන්න අවස්ථා

  1. සිසිල් බීම
  2. බීම කුඩු මිශ්‍රණ හා වෙනත් බීම වර්ග
  3. බේක් කරන ලද ආහාර
  4. පුඩින්
  5. ටින්කල ආහාර
  6. ජෑම් හා ජෙලි
  7. කිරි ආශ්‍රිත නිශ්පාදන

 

 

 

 

 

 

කෘතිම රසකාරක භාවිත කිරීමේ වාසි

  • දත් දිරායාමට හා කුහර ඇතිවීමට දායක නොවීම.
  • සිරුරේ බර පාලනය.

කෘතිම රසකාරක භාවිතයේ අනිටු ප්‍රතිඵල

කෘතිම රසකාරක පිලිකා හෝ වෙනත් සෞඛ්‍ය ගැටලු ඇතිකරන බවට මත පලවුවද ඒවා සනාථ  කිරීමට තවමත් ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ශි සොයාගෙන නොමැත.

තත්වය මෙසේ වුවද, මෙම කරුණෙහිලා මධ්‍යස්ථ වීම වැදගත්ය. මන්ද, සීනි ආදේශක තෝරා ගැනීමේ දී පාරිභෝගිකයන් බුද්ධිමත් වීම අත්‍යාවශ්‍යය. හේතුව නම්, කෘතිම රසකාරක හා සීනි ආදේශක බර පාලනයට උපකාරීවන නමුත් ඒවා මැජික් උන්ඩයක් නොවීමයි.

සීනි රහිත ලෙස අලෙවි කරන ආහාර කැලරි රහිත නොවේ. එබැවින් ඒවා භාවිතයෙන් බරවැඩිවීම සිදුවිය හැකිවීම ප්‍රධානම හේතුවයි.

එමෙන්ම, බොහෝවිට සීනි ආදේශක යොදා සැකසූ ආහාර සාමාන්‍යයෙන් පලතුරු සහ එළවළු වැනි ආහාර වලට සමාන සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා නොදෙන බව මතක තබාගැනීම වැදගත්.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top