අප කුඩා කල පටන් පාසලේදී විද්‍යාවේ මූලාරම්භය ලෙස විද්‍යාත්මක ක්‍රමය හදාරති. විද්‍යාත්මක ක්‍රමය පදනම් කරගනිමින් විද්‍යාත්මක සංකල්ප තේරුම් ගැනීමටත් නව විද්‍යාත්මක සංකල්ප ගෙනහැර දැක්වීමටත් අප හට හැකියාව ඇත.එනමුත් මෙම විද්‍යාත්මක ක්‍රමය සර්ව සාධාරණ ක්‍රමයක්ද ? විද්‍යාත්මක ක්‍රමයෙන් විස්තර කළ නොහැකි සියල්ල ව්‍යාජ විද්‍යාවන් ද?ස්වභාදහමේ සියලු සංසිද්ධීන් විද්‍යාත්මක ක්‍රමයට යටත් ව සිදු වේද?. මෙම ලිපියේ අරමුණ ඉහත ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම ය.
විද්‍යාත්මක ක්‍රමය ගැටලුව හඳුනාගැනීම, හඳුනාගත් ගැටළුවට පදනම් වූ හේතූන් සොයා ගැනීම,ගැටළුවට අදාළ උපකල්පන ගොඩ නැගීම, එම උපකල්පන පර්යේෂණයට භාජනය කිරීම, එම පර්යේෂණවල ප්‍රතිඵල මගින් නිගමනයකට එළඹීම, සහ එම නිගමනය මගින් නව සිද්ධාන්තයක් හෝ නියමයක් එළිදැක්වීම යන පියවර වලින් සමන්විත වේ.මෙමගින් සොබාදහමේ හෝ එදිනෙදා, ගැටලුවක් හෝ සංසිද්ධියක් විග්‍රහ කිරීමට පදනමක් සකස් කර ගැනීම අරමුණ වේ. එම සකස් කර ගන්නා පදනම මගින් එම සංසිද්ධිය හෝ ගැටළුව විග්‍රහ කිරීම ද ඒ ආශ්‍රිත හෝ ඊට සමාන ගැටලුවක් හෝ සංසිද්ධියක් අනාගතයේ දී විග්‍රහ කිරීමට සිද්ධාන්තයක් හෝ නියමයක් ඉදිරිපත් කෙරිණි.
විද්‍යාත්මක ක්‍රමය මගින් විද්‍යාත්මක රාමුවක් ගොඩනැඟීම සිදු වේ. එම විද්‍යාත්මක රාමුව තුළ සත්‍ය වන්නා වූ සිද්ධාන්ත හෝ නියමයන් සාමාන්‍යකරණය (Generalization of a scientific theory) සිදුව එම සංසිද්ධිය ආශ්‍රිත වෙනත් සංසිද්ධි හෝ ඒ හා සමාන සංසිඳී විග්‍රහ කිරීමට යොදාගැනේ. එක් විද්‍යාත්මක රාමුවක් තුළ සත්‍ය වන්නා වූ වන්නාවූ නියමයක් හෝ සිද්ධාන්තයක් තවත් විද්‍යාත්මක රාමුවක් තුළ බිඳ වැටීමට හෝ සඵල වීමට හැකියාවක් ඇත. නිදසුනක් ලෙස අවස්ථිති නිර්දේශ රාමුවක් (an inertial frame of reference) තුළ සත්‍ය වන නිව්ටන් නියම ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතාවාදය (General relativity) තුළ බිඳ වැටීම දැක්විය හැක. මෙවැනි නිදසුන් අපමණය අපමනය. එමනිසා විද්‍යාත්මක ක්‍රමය සර්ව සාධාරණ ක්‍රමයක් ලෙස පිළිගැනීම අහේතුක ය. මෙම විද්‍යාත්මක රාමු බොහෝමයක් පටු පරාසයක් තුළ ක්‍රියාත්මක වේ.
විද්‍යාත්මක ක්‍රමයේ ප්‍රමුඛ සංකල්පයක් ලෙස උපකල්පනය කිරීම දැක්විය හැක. මෙම උපකල්පනය සත්‍ය වීමට හෝ අසත්‍ය වීමට හැකියාවක් ඇත. සත්‍ය වන්නා වූ වන්නාවූ උපකල්පනයන් සතත පර්යේෂණය (Repetitive testing) මගින් නව සිද්ධාන්ත ලෙස එළිදැක්වේ. එක් අවස්ථාවකදී සත්‍ය වන්නා වන්නාවූ උපකල්පනයක් තවත් අවස්ථාවකදී අසත්‍ය විය හැක. කල්පිත තත්වයන් යටතේ සත්‍ය වන්නා වූ සියල්ල සොබාදහමේ තත්වයන් හා ගැලපේද? සොබාදහමේ තත්ව පරිපූර්ණව අපට විද්‍යාගාරයක් තුල ප්‍රතිනිර්මාණය කල හැකිද? එම නිසා විද්‍යාගාරයක් තුල සත්‍ය වන්නා වූ සියල්ල සාමාන්‍යකරණය වූ සිද්ධාන්තයක් ලෙස හෝ නියමයක් (Generalized model, theory or a law) ලෙස භාවිතයට ගැනීම කොතරම් විද්‍යාත්මක දැයි අප සිතා බැලිය යුතුය.
අද සමාජයේ බොහෝ විද්‍යාඥයින් විද්‍යාත්මක ක්‍රමයෙන් අපගමනය වන්නා වූ සියල්ල ව්‍යාජ විද්‍යාවන් (Pseudoscience) ලෙස බැහැර කරති. නමුත් ඉහත සඳහන් පරිදි විද්‍යාත්මක ක්‍රමය ද එක් එක් විද්‍යාත්මක රාමු තුළ බිඳ වැටීමට හැකියාව තිබියදී එලෙස විද්‍යාත්මක ක්‍රමයෙන් බැහැර වන්නා වූ වන්නාවූ විද්‍යාවන් ව්‍යාජ විද්‍යාවන් ලෙස හැඳින්වීම සාධාරණද?.
පිළිගත් විද්‍යාවන් විද්‍යායාත්මක රාමුව තුළ බහුල වශයෙන් භාවිත වේ.මෙම භාවිතයන් (Applications of Scientific theories) ලෝකයේ විද්‍යාත්මක දියුණුව සඳහා අතිශයින් ඉවහල් වේ. එම නිසා සමහර විද්‍යාඥයන් මෙම ව්‍යාජ විද්‍යාවන් ලෙස සැලකෙන සංකල්ප ද විද්‍යාත්මක ක්‍රමයට අනුගත කිරීමට උත්සාහ කරති. එම සංකල්ප විද්‍යාත්මක ක්‍රමය තුළ අසත්‍ය වුවද විද්‍යාත්මක ක්‍රමයට වඩා දියුණු හෝ බල ගැන්වුනු සම්මුතියක් තුළ සත්‍ය විය නොහැකි ද ?. විද්‍යාත්මක ක්‍රමයට අපගමනය වූ විද්‍යාත්මක සංකල්ප බැහැර කිරීම විනා තවදුරටත් විද්‍යාත්මක ක්‍රමය බල ගැන්වීම සිදු කළ යුතුය. එමගින් සොබාදහමේ සංසිද්ධීන් මනරම් ලෙස විග්‍රහ කිරීමට මිනිසාට හැකි වනු ඇත. විද්‍යාත්මක ක්‍රමයට අනුගත වන්නා වූ ප්‍රායෝගික භාවිතයන් සහිත සංකල්ප පමණක් විද්‍යාව ලෙස ගැනීම මැටියෙන් තනා තැනූ බලලෙකු වුවද මීයන් අල්ලන්නේ නම් අගනේය යන විග්‍රහයට ඌනපූරණය කී. සංකල්පයක් එහි භාවිතය පමණක් පදනම් කරගනිමින් සත්‍ය ලෙස සැලකීම භයානකය. සොබා දහමේ සියලු සංසිද්ධීන් විග්‍රහ කිරීමට තරම් අපගේ විද්‍යාත්මක ක්‍රමය තුළ සත්‍ය වන්නා වූ විද්‍යාව අසමත් වේ. විද්‍යාව සෑම විටම දියුණුවන්නා වූ කලෙක යල්පැන ගිය විද්‍යාත්මක ක්‍රමය යන සංකල්පය බැහැර කොට නව පරමාර්ථමය සත්‍ය (absolute truth) පදනම් කරගනිමින් කරගනිමින් ගොඩනැගුණු ක්‍රමයක් වෙත පිය නැගීම විචක්ෂණශීලී ය යනු මාගේ අදහසය.
සම්මුති සත්‍යය (Relative truth) හා පරමාර්ථ සත්‍යය වෙන්කොට හඳුනාගැනීමට සමත් ක්‍රමයක් වෙත පිය නගමු.