ඌරෙකුගෙන් මිනිසෙකුට වකුගඩු බද්ධ කිරීමක්..?

ඌරෙකුගෙන් මිනිසෙකුට වකුගඩු බද්ධ කිරීමේ පළමු සාර්ථක පර්යේශණ සන්ධිස්ථානය ඉදිරි ඉන්ද්‍රිය හිඟතා විසඳීමේ පියවරක්ද?

නිව් යෝර්ක් නගරයේ ශල්‍ය වෛද්‍යවරු මොළය අකර්මන්‍ය පුද්ගලයෙකුට ඌරු වකුගඩුවක් සාර්ථකව සම්බන්ධ කර පැය 54ක් පුරා ඉන්ද්‍රිය සාමාන්‍ය පරිදි ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කළහ. එවැනි ක්‍රියා පටිපාටි සතුන් අතර සිදු කර ඇති අතර, ඌරු වකුගඩුවක් මිනිස් සිරුරකට බද්ධ කළ පළමු අවස්ථාව මෙය වන අතර එය වහා ප්‍රතික්ෂේප කිරීමක් සිදුනොවුනි.

2021 ඔක්තෝබර් 21 ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියා පටිපාටිය, ජීවිතාරක්ෂක අවයව සැපයීම දැඩි ලෙස පුළුල් කිරීමේ ඉලක්කය කරා යන ප්‍රගතිය සලකුණු කරයි. ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් අවයව පරිත්‍යාගන් ලැබෙන තුරු බලා සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ගේ බලාපොරොත්තු ඉටු නොවේ.

ක්‍රියා පටිපාටිය පිළිබඳ විස්තර තවමත් පර්යේශන පත්‍රිකාවක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති අතර, “එය සැලකිය යුතු පියවරක්” යැයි පර්යේෂණයට සම්බන්ධ නොවූ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්යාඥ මේගන් ස්යික්ස් (Megan Sykes) පවසයි. නමුත් වකුගඩුවක් බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්ට ඌරෙකුගෙන් පහසුවෙන් වකුගඩුවක් ලබා ගැනීමට පෙර ගත යුතු තවත් පියවර රැසක් තිබෙන බවත් ඇය පවසයි.

                           ජානඉන්ජිනේරු තාක්ශණය ඔස්සේ වැඩිදියුණු කල ඌරු වකුගඩුව බද්ධ කිරීම සදහා සූදානම් කරමින්

පර්යේශණ කණ්ඩායමේ  අදහස් හා පර්යේශන ක්‍රියාවලිය

බද්ධ කරන ලද වකුගඩුවේ ක්‍රියාකාරීත්වය “ඉතාම සාමාන්‍ය පරිදි පෙනෙනවා” යැයි අධ්‍යයනයට නායකත්වය දුන් ශල්‍ය වෛද්‍ය රොබට් මොන්ට්ගොමරි පවසයි.

බද්ධ කළ මිනිස් වකුගඩුවකින් අපේක්ෂා කරන මුත්‍රා ප්‍රමාණය මෙම වකුගඩුවෙන්ද සෑදූ බවත්, මින් පෙර වෙනස් නොකළ ඌරු වකුගඩු මිනිස් නොවන වෙනත් සතුන් වෙත බද්ධ කළ විට ප්‍රබල,ඉක්මන් ප්‍රතික්ෂේප  වීම් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් ඔහු පැවසීය. මෙහිදී වකුගඩුව බද්ධ කල තැනත්තාගේ අසාමාන්‍ය ක්‍රියේටිනින් මට්ටම ( දුර්වල වකුගඩු ක්‍රියාකාරිත්වයේ දර්ශකයක් )  බද්ධ කිරීමෙන් පසු යථා තත්ත්වයට පත් වූ බව වෛද්‍ය මොන්ට්ගොමරි පවසයි.

පර්යේෂකයන් දශක ගනනාවක් තිස්සේ සත්ව අවයව බද්ධ කිරීම සඳහා භාවිතා කිරීමේ හැකියාව සොයා බලමින් පර්යේශණයන කටයුතු කර ඇත. නමුත් සත්ව අවයව මිනිස් සිරුර විසින් ක්ෂණිකව ප්‍රතික්ෂේප කිරීම පර්යේශණ වලදී ප්‍රධාන බාධාව වී ඇත.මොන්ට්ගොමරිගේ කණ්ඩායම මෙය මැඩපැවත්වීම සදහා සිදුකලේ ප්‍රතික්ෂේප කිරීම ප්‍රේරනය කරන කාබෝහයිඩ්‍රේටය (සීනි අණුවක් – ඇල්ෆා-ගෑල් ලෙස හඳුන්වන ග්ලයිකාන්අණුව) නිකුත් කිරීම සදහා ක්‍රියාකරන ඌරු ජානය ඉවත් කිරීම යි.

ශල්‍යකර්මය අතරතුර

GalSafe ලෙස නම් කරන ලද ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරා පර්යේශණය සදහා ලබාදී ඇත්තේ United Therapeutics Corp (UTHR.O) Revivicor ඒකකය විසිනි. මස් ආසාත්මිකතාවයක් ඇති පුද්ගලයින් සඳහා ආහාර ලෙස සහ මානව ප්‍රතිකාර ප්‍රභවයක් ලෙස භාවිතා කිරීම සඳහා එම ක්‍රියාවලිය 2020 දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් අනුමත කරන ලදී.අනෙකුත් පර්යේෂකයන් සලකා බලමින් සිටින්නේ GalSafe ඌරන් රෝගීන් සඳහා හෘද කපාටවල සිට සම බද්ධ කිරීම් දක්වා සෑම දෙයකම ප්‍රභවයන් විය හැකිද යන්නයි.

මෙම වකුගඩු බද්ධ කිරීමේ පරීක්ෂණය ඇතැම් විට ඉදිරි වසර හෝ දෙක තුළදී, අවසන් අදියරේ වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන්ගේ අත්හදා බැලීම් සඳහා මග පෑදිය හැකි අතර,එම අත්හදා බැලීම් මගින් මිනිස් වකුගඩුවක් ලැබෙන තුරු හෝ ස්ථිර බද්ධ කිරීමක් ලෙස බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් සඳහා කෙටි කාලීන විසඳුමක් ලෙස පරීක්ෂා කළ හැකිය.

මොළය මිය ගිය රෝගියෙකු වෙත තාවකාලික ප්‍රවේශයක් පවුලකින් ඉල්ලා සිටීමට පෙර, පර්යේෂකයන් වෛද්‍ය ආචාරධර්ම, නීති සහ ආගමික විශේෂඥයන්  සමග මෙම සංකල්පය සාකච්ඡා කිරීමට කටයුතු කළ බවද වෛද්‍ය මොන්ට්ගොමරි පවසයි.

                                                       ශල්‍ය වෛද්‍ය රොබට් මොන්ට්ගොමරි ඇතුලු පර්යේශණ කණ්ඩායම

Loading

Scroll to Top