covid-19

විශ්මිත මිනිස් මනසින් බිහිවූ, …………………………. කොරෝනාව නිශ්චිතවම මැඩලන එන්නත

 

 

“The conversation” උපුටා ගැනීමකි

 

COVID-19 වසංගතය ආරම්භ වී වසරක් ගතවීමටත්  මත්තෙන්  එන්නත් කිහිපයක්ම භාවිත මට්ටමට පැමිණ තිබීම මානව ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් වේ. මේ සුවිශේෂී ක්‍රියා දාමයෙහි නියැලුණු  ඔක්ස්ෆර්ඩ් විද්යාඥයන් ඔව්නගේ අත්දැකීම විස්තර කරන්නේ මෙලසිනි.

 

අපගේ හවුල්කරු ඇස්ට්‍රාසෙනෙකා සමඟ අපි, එන්නතෙහි ක්‍රියාකාරිභාවය හා සුරක්ෂිතතාව යන කරුණු දෙකටම අදාළ   දත්ත, ස්වාධීන පරීක්ෂාව සහ අනුමැතිය සඳහා ලොව පුරා නියාමකයින් වෙත නිහතමානි සතුටකින් යුතුව මේ වන විටත් ඉදිරිපත් කර ඇත්තෙමු.  දැනටමත් මෙම එන්නත එක්සත් රාජධානිය, ඉන්දියාව, මොරොක්කෝව, ආර්ජන්ටිනාව සහ එල් සැල්වදෝරය යන රටවල හදිසි අවස්ථා වලදී භාවිතය සඳහා අනුමත කර ඇත. මෙය මුළු මහත් ලෝකයම පුල පුලා බලා සිටි හොඳ ප්‍රවෘත්තියක් මෙන්ම විශිෂ්ට විද්‍යාත්මක ජයග්‍රහණයකි. සාමාන්‍යයෙන්, එන්නතක් නිපදවීම දශක ගණනාවක් ගතවන වෙහෙසකර කර්තව්‍යයකි. නමුත් මාස දොළහක් වැනි කෙටි කාලයක් තුළ COVID-19 සඳහා එන්නත් කිහිපයක්ම ලොව  සතුව ඇත. එය සිදිවූ ආකාරය ලොවට හෙළි කෙරීම අපසතු වගකීමක් ලෙස සළකමු.

 

එන්නත නිෂ්පාදනය පිළිබඳ මූලික ආරම්භයක්……

 

මෙම ක්‍රියාවලිය අහම්බයක් නොවන අතර මෙවන් ව්‍යසනයන්ට මුහුණදීම සදහා වූ පෙර සුදානම තුලින් ලද ජයග්‍රහණයකි. එන්නත සාර්ථක වනුයේ එය ලබාදීමෙන් පසු ශරීරයට  වය්රසය ඇතුළුවන සෑම අවස්ථාවකම  වය්රසය විනාශ කල හොත් පමණක් බව අප දන සිටියෙමු. මෙය සිදු කල හැක්කේ ශරීරය මගින් වය්රසයට එරෙහිව ප්‍රතිදේහ ජනනය  කිරීමට උත්තේජනයක් ලබාදීමෙනි. මේ සදහා අප යොදා ගත්තේ කොරෝනා වයිරසයේ මතුපිට පවතින “ඔටුනු” වැනි සුවිශේෂී ව්‍යුහයන් වේ (SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන).  මෙම එන්නත ක්‍රියාත්මක වන්නේ ශරීරයේ සෛල වලට SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන වල ජානමය අනුක්‍රමය ලබා දීමෙනි. ශරීරයේ සෛල මෙම ප්‍රවේණි කේතය කියවා ස්පයික් ප්‍රෝටීන වල පිටපත් නිපදවීමට පටන් ගන්නා අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙම ප්‍රෝටීන වලට එරෙහිව ප්‍රතිචාරයක් දක්වන අතරම, ඒම ප්‍රෝටීනය සතුරු ප්‍රෝටිනයක් ලෙස මතකයේ තබාගනියි. මෙහි ප්‍රතිපලය වනුයේ එන්නත ලබා ගැනීමෙන් පසුව SARS-CoV-2 ශරීරයට ඇතුළු වු විටක එහි ස්පයික් ප්‍රෝටීන වහාම විනාශකිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුදානම්ව තිබිමයි.

 

මෙය තරමක් සංකීර්ණ වුවත් මේ සදහා අප පර්යේෂකයන් විසින් කදිම මොඩලයක් සකස් කොට තිබිණ. වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ වෙනත් රෝග සඳහා මෙම මොඩලය භාවිතා කිරීමෙන්  ලද අත් දැකීම රාශියක් අපසතුව තිබිණ , ඔව්, අප පෙර ආරම්භයක් ලබාගෙන තිබුනෙමු. ChAdOx1 වෛරස් දෛශික තාක්‍ෂණය ලෙස හැඳින්වෙන මෙම මොඩලය නිර්මාණය කරන ලද්දේ හානිකර නොවන, චිම්පන්සින්ගේ සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරන ඇඩිනෝ වයිරස් වෙනස් කිරීමෙනි. මෙහෙදී විශේෂයෙන් ChAdOx1 තෝරාගත්තේ එයට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ජනනය කළ හැකි අතර එය ප්‍රතිවර්තනය කරන වෛරසයක් නොවන බැවින් ආසාදනයක් ඇති නොකරන  නිසාය. මර්ස් ඇතුළු වෙනත් රෝග සඳහා එන්නත් පිළිබඳ සායනික අත්හදා බැලීම් දහස් ගණනක්  සදහා එය දැනටමත් ආරක්ෂිතව භාවිතා කර ඇත.

 

ChAdOx1 පිළිබඳ අපගේ අඛණ්ඩ පර්යේෂණ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මහජන සෞඛ්‍යයට ඇති අදි අවදානම සළකා පර්යේෂණ සඳහා ප්‍රමුඛතාවය දී ඇති රෝග අටෙන් එකක් වන “රෝග X” සඳහා සූදානම් වීමේම ප්‍රතිපලයකි. COVID-19 මෙම ලැයිස්තුවට එකතු කරනු ලැබුවේ එමගින් ඇති විය හැකි ව්‍යසනය අවබෝද වූ වහාමය. රෝග X යනු සිදුවිය හැකි ඊළඟ බරපතල වසංගතයට ආදේශක නමක් වන අතර COVID -19 වැනිම නව විනාශකාරී රෝග කාරකයක් නිසා ඉදිරියේදී සිදුවිය හැකි කල්පිත තත්වයකි. චීනයේ පර්යේෂකයන් විසින් ඉතා කඩිනමින් කොරෝනා වයිරසයේ ජානමය අනුක්‍රමය සිතියම් ගත කළ පසු, ChAdOx1 දෛශිකය SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන වල ජානමය අනුක්‍රමය සමඟ ඒකාබද්ධ කිරීමෙන් අපගේ COVID-19 එන්නත ඉක්මනින් නිපදවීමට අපට හැකි විය. මේ අනුව ඊලග පියවර ලෙසින් 2020 මුල් භාගයේදී, සතුන් සදහා අපගේ එන්නත පරීක්ෂා කිරීමට ඉඩ ලැබුනා.  මෙම පරීක්ෂණවල දත්ත ChAdOx1 භාවිතා කරමින් අප විසින් මීට පෙරකල  අත්හදා බැලීම් වලදී රැස්කර ගත් දත්ත සමඟ ඒකාබද්ධ කිරීම තුලින් අප සාර්ථක ලෙස අරමුණ කර ලගාවන බව තහවුරු කර පෙන්වීමට හැකි වුණා.

 

මානව අත්හදා බැලීම් වඩාත් කාර්යක්ෂම කිරීම සදහා…

 

අපගේ සත්ව අධ්‍යයනයන්ගෙන් ලබාගත් සාර්ථක දත්ත මත පදනම්ව, සායනික අත්හදා බැලීම් කරා යාමට අපි පිවිසියෙමු. එය මූලික වශයෙන් යම් ප්‍රතිකාර ක්‍රමයක් මිනිසුන් තුළ භාවිතයේදී ආරක්ෂිත සහ ඵලදායී බව පෙන්වීමට කරන සිදු කරන පරීක්ෂණ මාලාවකි.

 

එන්නත් අත්හදා බැලීම් සාමාන්‍යයෙන් අදියර තුනකට බෙදා ඇත. පළමු අදියර මඟින් එන්නතක ආරක්ෂාව සහ එහි ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයද තක්සේරු කරයි. දෙවන අදියරෙහි විශාල, වඩා විවිධාකාර පුද්ගලයින් පිරිසක් පරීක්ෂා කිරීමට ඇතුළත් වන අතර එය ප්‍රශස්ත මාත්‍රාව සහ එන්නත ලබාදියයුතු කාලසටහන හඳුනා ගැනීමට භාවිතා කරයි.

 

තුන්වන අදියර මඟින්, ස්ථාන කිහිපයක විශාල පිරිසකට ලබාදීමෙන්  එන්නතක ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම සිදු කරනු කරයි. මෙය සාමාන්‍යයෙන් තක්සේරු කරනු ලබන්නේ එන්නත ලබා ගන්නා කණ්ඩායමේ  සහ එන්නත ලබා නොගන්නා කණ්ඩායමේ රෝගයේ අවස්ථා කොපමණ දැයි නිරීක්ෂණය කිරීමෙනි.

 

සාමාන්‍යයෙන්, විවිධ අත්හදා බැලීමේ හා අවධීන් වෙන වෙනම ක්‍රියාත්මක වන අතර, බොහෝ විට ඒවා අතර කාලය ගතවන්නේ ක්‍රියා පටිපාටි සකස් කිරීම, අයදුම්පත් සඳහා අරමුදල් සම්පාදනය කිරීම, ආචාරධාර්මික හා නියාමන අනුමැතිය ලබා ගැනීම සඳහාය. නමුත් අපගේ එන්නත සඳහා, නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට අදියර 1 සහ 2 ත්, අදියර 2 සහ 3 ත් ඒකාබද්ධව අත්හදා බැලීම් සිදු කළෙමු. මෙයින් අදහස් කරන්නේ අවශ්‍ය පියවර මග හැරී ඇති බවක් නොවේ, ඒ වෙනුවට පෙර අදියරෙන් ප්‍රමාණවත් දත්ත රැස්කර ස්වාධීන දත්ත සුරක්ෂිතතා අධීක්ෂණ මණ්ඩලය විසින් සමාලෝචනය කළ විගස එන්නත් අත්හදා බැලීමේ ඊළඟ අදියර දියත් කළ බවය.

 

ඉක්මනින් සහ ආරක්ෂිතව ඉදිරියට……..

 

කොරෝනා වසංගතය සදහා එන්නත් නිපදවීමේ අසාමාන්‍ය වේගය පිළිබඳව සමහරු ප්‍රශ්න කර සිටී. කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඩ් COVID-19 එන්නත කෙරෙහි වන සුවිශේෂී අධීක්‍ෂණයන් අකණ්ඩව ඉදිරියටත් සිදුවනු ඇත . එය ද අනෙකුත් එන්නත් අත්හදා බැලීම් මෙන් ම දැඩි පරීක්ෂාවට ලක් වෙමින් පවතී.

 

එන්නත ලබා ගන්නා සියලු දෙනා සමීපව අධීක්‍ෂණය කරනු ලබන අතර, වෛද්‍යමය වශයෙන් සැලකිය යුතු අතුරු ආබාදයක්  ඇතිවන අයවලුන් හෝ රෝහල් ගතවීමට සිදුවන අයවලුන් පිළිබඳව කඩිනම් වාර්තාවක් නිරීක්ෂණ කණ්ඩායම් වෙත යොමු වේ. අතුරු ආබාධ එන්නතට සම්බන්ධබව තහවුරු වූ විටක , අදාල තොරතුරු ප්‍රවේශමෙන් තක්සේරු කිරීම සඳහා ස්වාධීන සමාලෝචනයක් සිදු වේ. මෙවන අවස්ථාවකදී ක්ෂණිකවම ලොවපුරම එන්නත් ලබාදීම  නවත්වනු ලබනු ඇත.  සමාලෝචනය අවසන් වූ පසු එන්නත ඉදිරියට ලබාදීම ආරක්ෂිත බවට තහවුරු වුවහොත් පමනක එතැන් සිට ඉදිරියට භාවිතා කෙරෙනු ඇත.

 

සාමාන්‍යයෙන් එන්නතකට බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණය මෙන් පස් ගුණයක්වන පුද්ගලයන් ප්‍රමානයක් සදහා මෙම එන්නත පරික්ෂ කර බලා ඇත. අප විසින් මෙහෙයවනු ලබන අත්හදා බැලීම් සදහා මේ වන විට, රටවල් හතරකට අයත් පුද්ගලයන් 24,000 ක් සහභාගී වී ඇති අතර තවත් 30,000 ක් අපගේ හවුල්කරුවන් මාර්ගයෙන් සම්බන්ද කොටගෙන ඇත. COVID-19 සඳහා නිපදවන ඕනෑම එන්නතක් ලොව පුරා විශාල පිරිසකට ලබාදීමට  ඉඩ ඇති බැවින් විවිධ  ජනගහන කොට්ටාශයන් තුල හා විවිධ පරිසර තත්ත්ව තුල  පරීක්ෂණ දත්ත ලබා ගැනීම ඉතා වැදගත් වේ

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top