කොළඹ මුහුදට කිඹුල්ලු ආ හැටි…!

මේ දිනවල බොහෝ කතා බහට ලක්වෙන දෙයක් තමා කිඹුලන් මුහුද ආශ්‍රිතව ගැවසෙන්නේ කොහොමද? මුහුදු ජලයෙන් ඔවුන්ට බලපෑමක් නැද්ද ? යන්න. පසුගියදා කිමුදුම්කරුවෙකු කිඹුලෙකුගේ පහරදීමට ලක් වීම නිසා මිය යාමත්, ඒ සති කිහිපයයෙහි තවත් ප්‍රදේශ කිහිපයක කිඹුල් ප්‍රහාර වාර්තා වීමත් නිසා දැඩි අවදානයක් මේ සදහා යොමු වී තිබෙනවා.
ලංකාවේ කිඹුලන් විශේෂ 2ක් හමුවන  අතර ඔවුන්ගෙන් ගැට කිඹුලා Saltwater (Crocodylus porosus) විශාලතම, කරදිය මෙන්ම මිරිදියේද ජීවත් වන විශේෂය වේ. අනෙක් විශේෂය වන හැල කිඹුලා Mugger (Crocodylus paluster) සාපේක්ෂව කුඩා මිරිදිය වාසය කරන කාණ්ඩය. මෙම කිඹුල් විශේශ දෙකෙහි ව්‍යාප්තිය සැලකන විට ලෝකයේ තත්වය හා ලංකාවේ තත්වය අතර පරස්පරයක් පවතිනවා. වෙනත් රටවල ගැට කිඹුලන් ඉතා අඩු ප්‍රමාණයක් සිටින අතර හැල කිඹුලන් බහුල වේ. නමුත් ලංකාවේ ගැට කිඹුලන් බහුල අතර හැල කිඹුලන් අඩුය.
මෙම ගැටකිඹුලන් ගංගා, වැව්, ජලාශ, කඳුකර ඇළ දොළ, ග්‍රාමීය පොකුණු සහ මිනිසා විසින් සාදන ලද වැව් ඇතුළු මිරිදිය වාසස්ථානවල හා වෙරළබඩ ලවණ කලපු වල ද දක්නට ලැබෙනවා.
කිඹුලන් ඉහල මට්ටමේ විලෝපිකයන් (top level predators )වන අතර ප්‍රධාන අහාරය මාලුන් ය. ජලජ පරිසර පද්දති වල සමතුලිතතාවයට බෙහෙවින් මොවුන් උපකාරී වන අතර ආක්‍රමනශීලී හා විශාල මාලු වර්ගයන්ගේ ගහනය පාලනය කරයි. එසේම මියගිය මසුන් ද අනුබව කරන නිසා ජලජ පරිසර පද්ධතිය පිරිසිදුව තබාගැනීමටද උපකාරී වනවා.ජලජ පරිසර පද්ධතියේ පිරිසුදු බව පෙන්වන දර්ශකයක්(Bio indicator ) ලෙස කිඹුලන් සලකනු ලබනවා.
හැල කිඹුලා වෙරලාශ්‍රිතව වාසය කරනවා. කලපු පරිසර පද්ධති, කඩොලාන, ලවන වගුරු මොවුන්ගේ වාසස්ථාන වන අතර මොවුන් ගංගාවන් දිගේ ඉහලට ගමන් කර අවස්තා ද වාර්තා වී තිබෙනවා. නමුත් මොවුන් වඩා ප්‍රියකරනුයේ ලවන හෝ කලපු ජලයටයි. කිඹුලන් විශේෂ  දෙකම එකම වාසස්ථානයේ හමු වූ අවස්තා ඇතත් දැන් එම පරිසර පද්ධතීන් බොහෝදුරට විනාශ වී යමින් පවතිනවා.
කිඹුලන් ගේ අපිචර්මීය කොරපොතු තල ආකාර ව්‍යුහයක් ලෙස පරිවර්තනය වී තිබෙනවා  (scutes). ඉහල පෙදෙස (dorsal) අස්ථි සමග සම්බන්ධ වී osteoderms (අස්ථි හා සම) නම් ව්‍යුහයක් සකස් වී ඇති අතර ගැට කිඹුලාගේ dorsal osteoderms ව්‍යුහය චතුරස්‍රාකාර වන අතර තිර්යක් පේලී ලෙස සකස් වී ඇත. ගැට කිඹුලාගේ හොම්බ හැල කිඹුලාට සාපේක්ශව කෙටි සහ පළල්ය. නමුත් හැල කිඹුලාගේ osteoderms ව්‍යුහය ඕවලාකාර වන අතර දිගු හොම්බක් පවතී.
ගැට කිඹුලාගේ බඩ පෙදෙස අඳුරු ඔලිව් කොල පැහැයේ සිට අඳුරු දුඹුරු පැහැය අතර වර්ණයෙන් යුක්තය. ගැට කිඹුලාගේ කහ පැහැ තිත් දැකිය හැකිය.ගැට කිඹුලා මෘදු වැලි සහිත පසේ හා දිරාපත් වන කොලරොඩු මත බිත්තර දැමීම සිදුකරයි. ගං ඉවුරේ හා වැව් ඉවුරු වල බිත්තර දමයි. නමුත් හැල කිඹුලා කන්දක් වැනි කූඩුවක් තනා ඒ මත බිත්තර දමයි. බොහෝ විට කෙටෙල ශාකය මේ සඳහා බාවිතා කරයි. ශාක කොටස් දිරා පත් වී ඇතිවන උශ්නත්වය බිත්තර වලින් පැටව් ඇති වීම තීව්‍ර කරයි. ගැට කිඹුලා අවුරුද්දකට වරක් පැටව් දමයි.  කිඹුල් මව බිත්තර ආරක්ශා කිරීම සිදුකරයි. බිත්තර වලින් පැටවුන් පැමිනි පසු කිඹුල් මව කටින් එම පැටවුන් ජලයට රැගෙන යයි. පරිසර උශ්නත්වය අනුව කිඹුලන් ගේ ලිංගිකත්වය තීර්ණය වේ. වැඩි උශ්නත්ව කාල වලදී වැඩිපුර පිරිමි කිඹුලන් ඉපදේ. බොහෝ කුඩා පැටවුන් විලෝපිකයන් ට ගොදුරු වේ. වල් ඌරන් , තලගොයින් වගේම කිඹුලන්මද කුඩා පැටවුන්ට තර්ජනයක් වේ.
 පසුගිය වාර්තා සලකා බැලීමේදී ගැට කිඹුලන් කොලඹ ආශ්‍රිතව ‍යම් ව්‍යාප්තියක් සුලුවෙන් පෙන්වා ඇති අතර ඇලමාර්ග පලල් කිරීම හා ගැඹුරු කිරීම නිසා ඔවුන්ට හොදින් ජීවත් විය හැකි වාසස්ථාන බවට පත් ව ඇත. මෙම ඇල මාර්ග වල ජීවත් වන කිඹුලන්ට ගොඩට ඒමට නොහැකි ලෙස දෙපස කොන්ක්‍රීට් බැමි ඇති බැවින් මොවුන් නිරන්තරයෙන් ඇල දිගේ පිහිනා ගොස් මුහුදෙන් වෙරලට පැමිනීමද, ඇල මාර්ගයක් හරහා තවත් ඇල මාර්ගයකට යෑමට මුහුද හරහා සිදු කිරීමද, ආහාර සොයා ගැනීමට මුහුදටද පැමිණීම සිදු කරයි. කරදියෙහි ජිවත් වීමට අවශ්‍ය ලෙස ශරීරය සකස් වී තිබෙන නිසා ගැට කිඹුලන්ට එහි කිසිදු අපහසුවක් නොමැත. ශරීරයේ ඇති ලවණ ගන්ත්‍රි මගින් අනවශ්‍ය ලුණු පිට කිරීමට ඇති හැකියාව නිසා අවශ්‍ය තරම් වේලාවක් මුහුදී සිටීම හා මුහුදු පතුලේ රැදී සිටීමටද මොවුන්ට හැකියාව ඇත. සැම විටම් මෙම කිඹුලන් ගොඩ බිමට ආසන්න මුහුදු කලාපයේ සැරිසරන අතර විශාල මසුන් ගොදුරු කර ගැනීමට කොරල් ආශ්‍රිතව සැගව සිටී.
අවාසනාවන්ත ලෙස මිය ගිය කිමිදුම්කරුවා හදිසි කිඹුල් ප්‍රහාරයක ට ලක් වීම ඉතා කනගාටුදායක සිදුවීමකි නමුත් මෙම කිඹුලන් අල්ලා වෙනත් ස්තානයකට ගිහින් දැමීමද සාර්ථක විසදුමක් නොවේ. එයට හේතුව මෙසේ වෙනත් ස්තාන වෙත් ගිහින් දැමූ කිඹුලන් ඇල මාර්ග,ගංගා හා මුහුදු හරහා හිටපු ස්තානයට නැවත පැමිනීම සිදු කරන නිසාවෙනි. එන අතරමගදි කිඹුලාට මෙන්ම කිඹුලාගෙන් මිනිසුන්ට කරදර විය හැකි අවස්ථාව ඉතා වැඩිය.
කිඹුලන් මිනිසුන් ගොදුරු කරගැනීමටම මිනිස්සුන් පසුපස පැමිනෙන සතුන් නොවන අතර, එකම පරිසරය බෙදා ගන්නා දෙපිරිසක් ලෙස අප නිරන්තර අවදානයෙන් හා ආරක්ශිතව මුහුදු ආශ්‍රිත කටයුතු සිදු කිරීමට අවශ්‍ය වේ.

 372 total views,  2 views today

Leave a Comment

Your email address will not be published.