වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ රෝගීන් හට වකුගඩු බද්ධ කිරීම හෝ සුදුසු කාන්දුපෙරණ ක්‍රමයකට යොමුවීම වෛද්‍යවරුන්ගේ මූලික නිර්දේශයක් වේ. එහිදී ප්‍රධාන කාන්දුපෙරණ ක්‍රම දෙකකි.
01) රුධිර කාන්දුපෙරණ ක්‍රමය (Haemodialysis) 02) පරිතාන කාන්දුපෙරණ ක්‍රමය (Peritoneal dialysis) මෙහිදී රුධිර කාන්දු පෙරණ ක්‍රමයට යොමු වූ රෝගීන් දින දෙකකට තුනකට හෝ ඊට වැඩි දින ගණනකට වරක් මෙම ප්‍රතිකාරය ලබා ගැනීම පිණිස අදාළ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට පැමිණිය යුතුය.
මෙලෙස පැමිණෙන රුධිර කාන්දු පෙරණ රෝගීන් අතර දුර්වල මුඛ සෞඛ්‍යයක් පවතින බව වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණයට හසු වී ඇත. ඇතැම් පර්යේෂණ මගින් ද මේ සඳහා හේතු වන කරුණු සෙවීමට විවිධ වූ ක්‍රියාමාර්ග ගෙන ඇත.
උදාහරණයක් ලෙස කැනඩාවේ සස්කැච්චන් හි ශාන්ත පාවුළු රෝහලෙන් hemodialysis ප්‍රතිකාරය ලබා ගන්නා රෝගීන් අසුරින්ලබාගත් පර්යේෂණ දත්ත වලින් ඔවුන් සොයා ගනු ලැබුයේ මුඛ රෝග පවතින රෝගීන්ගෙන් 64% ක්ම අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් එම hemodialysis ප්‍රතිකාරය ලබා ගන්නා බවයි. ඊට සමාන සොයාගැනීමක් ඉන්දියාවේ දිල්ලියෙහි සිදුකළ පර්යේෂණයකින් ද සොයාගෙන තිබේ. එහිදී ඔවුන්ගේ නිගමනය වූයේ ප්‍රතිකාර කාලසීමාව සමග මෙම රෝගීන්ගේ මුඛ සෞඛ්‍ය දුර්වල වීම අතර සෘජු සම්බන්ධතාවයක් පවතින බවයි. එමෙන්ම මෙම රෝගීන්ගේ දුර්වල මුඛ සෞඛ්‍ය හෙළි කරන මූලික ලක්ෂණ කිහිපයකි.
එනම්,
01) මුඛ දුර්ගන්ධය 02) වියලි මුඛය 03) රසය වෙනස් වීම 04) දත් දිරා යාමේ සීඝ්‍රතාවය වැඩිවීම 05) විදුරුමස් වලින් ලේ ගැලීම ආදිය දැක්විය හැක.
විශේෂඥයන්ගේ මතයට අනුව මෙම hemodialysis ප්‍රතිකාරයට භාජනය වන රෝගීන්ගේ මුඛ සෞඛ්‍යය දුර්වල වීමට හේතු කිහිපයක් බලපෑ හැකිය. 01) ප්‍රතිකාර කිරීමේ සංඛ්‍යාතය සහ රෝගී තත්වය නිසා හටගන්නා අධික ආතති මට්ටම හා මානසික අවපීඩනය 02) මුඛ සෞඛ්‍ය නොසලකා හැරීම 03) ප්‍රතිශක්තිය දුර්වල වීම 04)වකුගඩු රෝගී තත්ත්වය නිසා හෝ ලබා ගන්නා විවිධ ඖෂධ නිසා මුඛයේ ප්රශස්ත PH අගය වෙනස් වී ක්ශාරීය පරිසරයක් ගොඩ නැගීම නිසා අධික ලෙස මැලියම් තැන්පත් වීම. මෙහිදී ඛේටයේ යූරියා මට්ටම ඉහළ යාමෙන් මුඛ කුහරයේ ක්ශාරීය බව වැඩිවන බව සොයාගෙන ඇත.
එම නිසා රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර ආරම්භ කළ මුල් අවධියේ සිටම රෝගීන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳ සොයා බලා අවශ්‍ය උපදෙස් නියමිත වේලාවට ලබා දීම, ඒ පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම ඔවුන්ගේ මුඛ සෞඛ්‍යය ඉහළ නැංවීමට මහෝපකාරී වේ.
|
|