මාරාන්තික සර්ප දූපත නොහොත් “Snake Island”

අපි ජීවත් වන ලෝකය ඉතාමත් ලස්සන විශ්මයජනක ස්ථාන වලින් පිරී පවතින තැනක්.නමුත් මිනිසෙකුට ඇතුල්විය නොහැකි මාරාන්තික අභිරහස් වලින් පිරුන ස්ථානද ලොව පුරා රටවල් වල දැකිය හැකිය.එවැනි ස්ථාන වලින් එක් ස්ථානයක් ලෙස අත්ලාන්තික් සාගරයේ බ්‍රසීලයේ වෙරළට  යාබදව පිහිටි “Snake island” එහෙමත් නැතිනම් සර්ප දූපත හැදින්විය හැකිය. මෙම දූපත කිසිම ජනගහණයක් නොමැති සර්පයන් ලක්ෂ 50000 ක් පමණ සිටින  ලොව මාරාන්තික ස්ථානවලින් එකක් ලෙස සැලකේ. බොහෝ පර්යේෂකයන් සදහන් කරන පරිදි මෙම දිවයිනේ වර්ග මීටරයකට සර්පයන් එක සිට පහ දක්වා ජීවත් වේ.

ඉතා කුඩා විෂ රහිත සර්පයින් නම් වර්ග මීටරයට සර්පයින් එකත් පහත් අතර ප්‍රමාණයක් සිටීම එතරම් අනතුරුදායක නොවිය හැකිය.නමුත් අවාසනාවට මෙම දූපතේ සිටින්නේ අධික විෂ සහිත සර්පයින් වන බවයි පැවසෙන්නේ. තවද මෙහි ලෝකයේම මාරාන්තික සර්පයන්ගෙන් එකෙක් වන රන්වන් ලාන්ස්හෙඩ් වයිපර් (golden lancehead vipers) 2,000 ත් 4,000 ත් අතර සංඛ්‍යාවක් ජීවත් වන බව පැවසේ. මෙම සර්ප විශේෂය මීටර් භාගයකට වඩා දිගට වැඩෙන අතර, ඔවුන්ගේ කට අවට මස් දියකර හරින ප්‍රබල වේගයෙන් ක්‍රියාකරන විෂක් සතු වේ. බ්‍රසීලයේ සර්ප දෂ්ට කිරීම් ආශ්‍රිත මරණවලින් සියයට 90 කට වගකිව යුත්තේ සර්පයන්ගේ මෙම ලාන්ස්හෙඩ් වර්ගයයි. මෙම වයිපර්ගේ විෂට පැයක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයෙකු මරා දැමිය හැකි බව පැවසේ.

සර්ප දූපතේ ඇති භයානකකම පිලිබද බොහෝ දේශීය පුරාවෘත්තවල සඳහන් වේ. ඒවායෙහි සදහන් වන වාර්තා වලට අනුව, අවාසනාවන්ත ධීවරයෙකු කෙසෙල් සොයා මෙම දූපතට ගොස් ඇති අතර දින කිහිපයකට පසුව ඔහුගේ බෝට්ටුවේ තිබී ලේ විලක් මැද ඔහුගේ සිරුරේ සර්ප දෂ්ට කිරීම් සහිතව සොයා ගන්නා ලදී. තවද 1909 සිට 1920 දක්වා  එහි ප්‍රදීපාගාරය පවත්වාගෙන යාම සඳහා කිහිප දෙනෙක් දිවයිනේ ජීවත් වී ඇති අතර අවසාන ප්‍රදීපාගාර පාලකයා ඔහුගේ මුළු පවුල සමඟම සර්පයන් සමූහයක් ජනේල හරහා ඔවුන්ගේ නිවසට රිංගීමෙන් මිය ගොස් ඇති බව සදහන් වේ. ඇතැමුන් පවසන පරිදි මුහුදු කොල්ලකරුවන් විසින් මෙම සර්පයන් දිවයිනට ඇතුළු කළේ ඔවුන්ගේ රත්‍රන් ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් වුවද, පසුව වසර දහස් ගණනක් පුරා මානව මැදිහත්වීමකින් තොරව දිවයිනේ ඝන සර්ප ජනගහනය පරිණාමය වී ඇත.

මෙම දූපතේ ඇති ආන්තරායක බව නිසාම බ්‍රසීල රජය snake island වෙත සංචාරය දැඩි ලෙස පාලනය කරයි. රජයේ තහනමකින් තොරව වුවද, මෙහි ඇති භයානක බව නිසා බොහෝ විට මෙම දූපත ඉහළම සංචාරක ගමනාන්තයක් නොවනු ඇත.

නමුත් නීත්‍යානුකූලව අනුමත කරන ලද ඕනෑම සංචාරයකදී වෛද්‍යවරයකු පැමිණීම අනිවාර්ය වන බව බ්‍රසීල රජය පවසා ඇත. මෙම දූපත ජීව විද්‍යාඥයින් සහ පර්යේෂකයන් සඳහා වැදගත් රසායනාගාරයක් ද වන අතර, ඔවුන්ට එම අධ්‍යයනය කටයුතු කිරීම සඳහා දිවයිනට පැමිණීමට විශේෂ අවසරයක් ලබා දී ඇත.

බ්‍රසීලයේ සර්ප දෂ්ට කිරීම්වලින් සියයට අනූවක්ම පැමිණෙන්නේ ගෝල්ඩන් ලාන්ස්හෙඩ්ගේ සමීපතම ඥාති සහෝදරයෙකු වන ලාන්ස්හෙඩ් සර්පයන්ගෙන්. (දෙදෙනාම බොත්‍රොප් කුලයට අයත් වේ.) ජීව විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ golden lancehead සහ එහි පරිණාමය වඩා හොඳින් අවබෝධ කර ගැනීමෙන් සමස්තයක් ලෙස බොත්‍රොප් කුලය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමටත් බ්‍රසීලය පුරා සිදුවන සර්ප ආශ්‍රිත අනතුරු රාශියකට වඩා ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීමටත් හැකිවනු ඇති බවයි. තවද මෙම සර්ප විෂ රෝග සුව කිරීම සදහා භාවිතා කිරීම පිලිබදවද අවධානය යොමු වී තිබෙනවා. ඔවුන් පවසන්නේ, golden lancehead සර්ප විෂ දැනටමත් හෘද රෝග, රුධිර සංසරණය සහ රුධිර කැටි ගැසීම් සඳහා උපකාර කිරීමට භාවිතා කල හැකි බවත් අනෙකුත් විශේෂවල සර්ප විෂ ද පිළිකා නාශක ඖෂධයක් ලෙස විභවයක් පෙන්නුම් කර ඇති බවත්ය.

කෙසේ වෙතත් අවසානයේදී පැවසිය හැක්කේ මෙම දූපත ලොව ඇති ඉතාමත් ආන්තරාදායක ප්‍රදේශ වලින් එකක් බවත් එහි සංචාරය කිරීමට සිතීම පවා තමාගේම මරණයට අත වැනීමක් විය හැකි බවයි.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top