මුරුංගා මෙතරම් ගුණදායකද ?

MALONGAI STICK

මුරුංගා යනු වසර සියයකට වැඩි කාලයක් ඉංදියානු සූපශාස්ත්‍ර ආහාරවල බහුලව භාවිතාකරන එලවලුවකි. මෙය නියඟයට ඔරොත්තු දෙන moringaceae කුලයට අය්ත් ශාකයකි. මෙය දකුණු ආසියාවේ නිවර්තන කලාපවලට ආවේනික වන අතර මෙහි විශාලතම නිශ්පාදකයා ඉන්දියාව වේ.

MALONGAI leaves
මුරුංගා කරල් සහ කොල අත්‍යාවශ්‍ය පෝශක පදාර්ථ ගැබ්වූ ගබඩාවක් වන අතර මුරුංගා කොල කැල්සියම්, යකඩ, සින්ක්, සෙලීනියම් හා මැග්නීසියම් අඩංගු කදිම ප්‍රභවයකි. නැවුම් මුරුංගා කරල් සහ බීජ ඔලෙයික් අම්ලයේ විශිෂ්ඨ ප්‍රභවයක් වන අතර හෘද  සෞඛ්‍ය රැකගැනීමට නිර්දේශ කරන්නාවූ මේද අම්ලයක්ද වේ. එමෙන්ම මුරුංගා කොල යනු විටමින් B, C, K හා බීටා කැරොටින් වැනි අත්‍යාවශ්‍ය විටමින්, ප්‍රමාණවත් ප්‍රෝටීන හා තන්තු වලින් සමන්විත වේ. තවද querctin හා chchlorogenic නම් ප්‍රතිඔක්සිකාරක වලින් පිරිපුන් වේ.
සාමන්‍යවෙන් මුරුංගා ගසේ සියලුම කොටස් පාහේ ප්‍රයෝජනවත් වේ.

                                                           මුරුංගා අනුභවයෙන් ලැබෙන සෞඛ්‍ය වාසි 
1. අස්ථි ශක්තිමත් කරයි.
මුරුංගා අත්‍යාවශ්‍ය ඛනිජ, කැල්සියම්, යකඩ හා පොස්පරස් අඩංගුවන නිසා කුඩා දරුවන්ගේ අස්ථි ශක්තිමත් කරයි.

2. ප්‍රතියක්තිකරන පද්ධතිය ශක්තිමත් කරයි.
විටමින් C හා ප්‍රතිඔක්සිකාරක බහුල මුරුංගා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි තත්වයන්ට එරෙහිව සටන් කිරීමට හා තවත් පොදු ආසාදන කිහිපයක් වලක්වා ගැනීමට උපකාරී වේ.

3. බඩවැල්වල සෞඛ්‍ය ප්‍රවර්ධනය කරයි.
තයමීන්, රයිබොෆ්ලේවීන්, නියසීන් හා B12 වැනි අත්‍යාවශ්‍ය විටමින් B වලින් පොහොසත් මුරුංගා ආහාර දිරවීමේ එන්සයිම උත්තේජනය කිරීමේදී තීරණාත්මක කාර්‍යක් ඉටුකරයි. එපමණක් නොව මුරුංගා වල ඇති තන්තු බඩවැල්වල චලනය ක්‍රමවත් කරන අතර,බඩවැල් සෞඛ්‍ය පවත්වාගනී.

4. අධි රුධිර පීඩනය පාලනය කිරීම.
මුරුංගා වල ඇති niaziminin හා iso thocyanate  යන ජෛව ක්‍රියාකාරී සංයෝග වල ගුණය ධමනි ඝනවීම වලක්වා මඟහරවා ගැනීමට හා අධි රුධිර පීඩනය ඇතිවීමේ අවස්ථා අඩුකිරීමට උපකාරී වේ.

5. වකුගඩු සෞඛ්‍ය පවත්වා ගැනීම.
මුරුංගා නිතර නිතර ආහාරයට එකතු කරගැනීමෙන් වකුගඩු හා මුත්‍රා ගල් ඇතිවීම අවම කරගත හැක.

6. පිලිකා අවදානම අඩු කරයි.

7. අක්මාවේ සෞඛ්‍ය පවත්වා ගැනීම.

8. දියවැඩියාව පාලනය කරයි.
මුරුංගා වල ස්වාභාවිකව අඩු කැලරි ප්‍රමාණයක් හා අත්‍යාවශ්‍ය ඛනිජලවන, විටමින් හා තන්තු බහුල වීම රුධිරගත සීනි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුකිරීමට උපකාරී වේ.

9. අක්ශි සෞඛ්‍යයට වැදගත් වේ.
මුරුංගා වල ඇති ප්‍රතිඔක්සිකාරක ඇසේ සුද හා ඇස්වල කරයි වියලි බවට ප්‍රතිකාර කිරීමට ප්‍රයෝජනවත් වේ.

10. ගර්භණී කාන්තාවන්ට හා කිරි දෙන මවුවරුන්ගේ සෞඛ්‍යට වැදගත් වේ.

විටමින් A,C,K,B හා ඛනිජ ලවන, යකඩ කැල්සියම්  හා මැග්නීසියම් වැනි පෝශ්‍ය පදාර්ත ගර්භණී කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට ප්‍රයෝජනවත් වේ.

 

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top