- මිනිස් මොළය කියන්නේ මිනිස් සිරුරේ වඩාත් සංකීර්ණ හා ආකර්ෂණීය ඉන්ද්‍රියන්ගෙන් එකක්.
- එය බිලියන ගණනක නියුරෝන වලින් සමන්විත වන අතර උපාගම ලෙස හඳුන්වන සම්බන්ධතා ට්‍රිලියන ගණනකින් පමණ සන්නිවේදනය සිදු කරයි.
- මිනිස් මොළය කොතරම් විශ්මයජනක ද යන්න පහත කරුණු වලින් මනාව සනාථ වේ.
- මිනිස් මොළයෙන් 60% ක් මේදයෙන් සමන්විත වෙනව. මෙය මිනිස් සිරුරේ මේදය අධිකම ඉන්ද්‍රිය වේ.
- මිනිස් මොළය වර්ධනය සම්පූර්ණ වන්නේ වයස අවුරුදු 25 දී පමණය.
- මිනිස් මොළයේ දත්ත ගබඩා කිරීමේ හැකියාව අසීමිත ලෙසයි සැලකෙන්නේ. කාලයත් සමග මිනිස් මොළයේ නියුරෝන ඒකාබද්ධ කළ හැකි අතර එමගින් දත්ත ගබඩා කර ගැනීමේ ධාරිතාව වැඩි වේ.
- මිනිස් මොළයේ තොරතුරු සම්ප්‍රේෂණය වීමේ වේගය 431.2 Km/h පමණ වන බව සොයාගෙන ඇත.
- මිනිස් සිරුරේ සිට මොළයට තොරතුරු ගෙන යන සුසුම්නාව වර්ධනය වීම සාමාන්‍යයෙන් අවුරුදු 4 දී පමණ නතර වේ.
- මිනිසා තම මොළයෙන් 10% ක් පමණක් භාවිතා කරන බව අසත්‍යයකි. අප ඇත්තටම මුළු මොළයම අපගේ කාර්යයන් සඳහා භාවිතා කරයි.
- මිනිස් මොළයේ බර කිලෝ ග්‍රෑම් කිලෝ ග්‍රෑම් 1.360 පමණ වේ. එමෙන්ම පිරිමින්ගේ මොළයෙහි ප්‍රමාණය ගැහැණුන්ගේ මොළය ට සාපේක්ෂව විශාල බව සොයාගෙන ඇත.
- මිනිස් මොළයට වොට් 23 ක පමණ විදුලි බලයක් ජනනය කිරීමේ හැකියාවක් පවතී එය සාමාන්‍ය විදුලි බල්බයක් දැල්වීමට ප්‍රමාණවත්ය.
- මිනිස් මොළය සතුව විශාල කාර්යභාරයක් පවතී.
එය සෞඛ්‍යමත්ව රැක ගැනීමට අප වග බලා ගත යුතුය. මේ සඳහා,
- නිතිපතා ව්‍යායාම කිරීම,
- ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම,
- පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීම
- මානසික හා සමාජීය සමාජීය සුවතාවය
අත්‍යවශ්‍ය වේ.
අන්තර්ජාලය ඇසුරිනි.