Life with Covid-19

කොවිඩ් සමග ජීවිතේ…

ආයුබෝවන්,

හිතාදර මවුතුමියනි, පියතුමනි,  සොහොයුරනි, සොහොයුරියනි,

ඔබලාගේ ඥාතිවර…………………….. මයා/මිය කෝවිඩ් 19   වෛරස රෝගයට බඳුන් වී සුව වී නැවත නිවසට පැමිණෙන මෙම අවස්ථාවේ දී ඔබ සැමට මෙම රෝගය සහ එහි බලපෑම ගැන  සහ ඔබ සැම විසින් මේ අවස්ථාවේ පිළිපැදිය යුතු කරුණු සම්බන්ධව දැනුවත් කිරිම අපගේ යුතුකමක් ලෙස සලකමු.

 මෙම රෝගය වැළදීම කිසිසේත් ම ඔබ ඥාතියාගේ අඩුපාඩුවක් හෝ නො සැලකිලිමත්කමක් ලෙස නො සලකන්න. එය සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක්  පමණි.

 දවස් දහහතරක පමණ ආයතනගත සුපරික්ෂාවකින් සහ පැය විසිහතරකින් පසු සිදු කළ ඍණාත්මක ප්‍රතිඵල සහිත පී.සී.ආර් පරික්ෂා දෙකකින් පසුව ඔබ නිවසට පැමිණෙන්නේ තවදුරටත් වෛරසය පැතිරවිය හැකි රෝග වාහකෙයකු ලෙස නොව, ඔබ මා මෙන් ම නීරෝගී පුද්ගලයෙක් ලෙසයි. එනිසා කිසිවෙකුත් ඒ අයගේ පැමිණීම ගැන අනියත බියක් ඇතිකර නො ගත යුතු ය.

 එහෙත්, සෞඛ්‍ය නිර්දේශ අනුව තවදුරටත් සති දෙකක් නිවසට වී කාලය ගත කිරිමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇත. ඒ කාලය තුළ නිවැසි සැම අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරැදු පහත දැක්වේ. එම උපදෙස් තරයේ පිළිපැදිය යුතු බව මතක් කර දෙනු කැමැත්තෙමු.

 

  • අදාල  රෝගි  අයට හැකි සෑම විට ම වෙනම කාමරයක් හා වැසිකිළියක් ලබා දෙන්න. එසේ නොමැති අවස්ථාවල, නිවසේ  වැසිකිළිය භාවිතා කළ හැක. එහෙත් එය භාවිතා කළ  සෑම අවස්ථාවක දී ම බ්ලිච් දියරය (1 ට 1000) භාවිතා කොට පිරිසිදු කරන්න. එහිදි සෑම මතුපිටක් ම එක හා සමානව පිරිසිදු කිරීමට අමතක නො කරන්න.
  • සෑම විටකදි ම ,සෑම නේවාසිකයෙකු ම මුව ආවරණ පැළඳිම සිදු කරන්න. රෝගියා ශල්‍ය මුව ආවරණ භාවිතා කරන්නේ නම් වඩා සුදුසුය . නිවසේඅන් සාමාජිකයන් රෙදි වලින් තැනු මුව ආවරණ පැළඳිම කළ හැක. එවැනි ආවරණයක් භාවිතා කළ හැකි උපරිම කාලය පැය අටකි. ඊට පෙර එය තෙත් වුවහොත්, ආරක්ෂිතව මාරැ කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය  බඳුන් වෙන් වෙන්ව තබා ගන්න. ඉවත් කළ වහා ම නව මුව ආවරණයක් පළදින්න. මුව ආවරණ  සෞඛ්‍ය උපදෙස් අනුව බැහැරලන්න.
  • අවැසිම උපකරණ කිහිපයක් පමණක් කාමරය තුල තබා ගන්න. අනවශ්‍ය පරිදි භාණ්ඩ තබා ගැනීම පිරිසිදු කිරිමට බාධා ඇති කරයි.
  •  නිවසේ ඇති නිතර අතපත ගාන  සෑම පෘෂ්ඨයක් ම මනාව මධ්‍යසාර අඩංගු විශබීජ නාශක දියරයකින් පිරිසිදු කරන්න.
  •  රෝගියාගේ ඇඳුම් වෙනම සෝදා වේලා ගන්න.  සෑම විටක දී ම දැඩි අව්වේ ඇඳුම් වේලා ගන්නේ නම් ඉතා හොඳය.  සෑම දිනක දී ම පිරිසිදු ඇඳුම් ඇඳීමට වග බලාගන්න.
  •  හැකි අවම පැළඳුම් භාවිතා කරන්න. ඔරලෝසු, කණ්නාඩි භාවිතෙන් පසු සැනිටයිසර් මඟින් පිරිසිදු කර ගන්න.
  •  නිවසේ ඇති ජනෙල් දොරවල් විවෘතව තබා ගන්න. හිරැ එළිය ලැබෙන පරිදි විවෘතව තැබිමට හැකි නම් ඉතා අගනේය.
  •  නිවසේ බල්ලන් සහ බළලුන් සිටී නම්,මේ සති දෙකක කාලය තුල ඔවුන් දවෙන්කර තැබීමට කටයුතු කරන්න.
  •  රෝගියාගේ කාමරයට හෝ රැඳි සිටින තැනට නිතර ගමන් කිරීම සිදු නො කරන්න. එසේ යාමට අවශ්‍ය නම්, නිවසේ සිටින තරැණ නිරෝගි අයකු විසින් එය සිදු කරන්න.
  •  හැකි සෑම විට ම සමබල ආහාරයක් ලබා ගන්න. ආහාර ගෙන යන බඳුන් වෙන වෙන ම තබා ගන්න. ඒවා වෙනම පිරිසිදු කර ගන්න. හොඳින් සබන් යොදා පිරිසිදු කර ගැනීම පමණක් සෑහේ. එහෙත් ඒවා වෙන ම තබා ගන්න. හොඳින් ඇවැසි  පමණ ජලය භාවිතා කරන්න.යම් කිසි අසනීප තත්වයක් ඇතිවුහොත් වහා ම වෛද්‍යවරයෙක් අමතන්න. දිගු කාලීන රෝගයකින් පෙළෙන්නේ නම් කිසිදු අවස්ථාවක එම බෙහෙත් නැවැත්විය යුතු නොවේ.
  • මේ කාල සිමාවේදී  නිවසේ සිටින අනෙකුත් අය ද අවැසි ම කරුණකදි හැරුනු විට නිවසින් පිටතට නො යන්නේ නම් අගනේය.. බාහිරයට යාමට ඇවැසි නම් එක් අයකු පමණක් යන්න.
  • නිර්දේශිත කාලය නික්ම යන තෙක් ආසාදිත පුද්ගලයා සමග අවදානම් කාණ්ඩවලට අයත් අය නිරාවරණය විම හැකි පමණ අඩු කරන්න.  ගර්භණි මවුන්,කුඩා දරැවන් දිගු කාලින බෙහෙත් ගන්නා රෝගින් සහ වැඩිහිටියන් මෙලෙස අවදානම් කාණ්ඩ ගණයට අයත් වෙයි.

 මෙම සියලුම  උපදෙස් ලබා දෙනුයේ  මෙම ආසිදිතයා මඟින් රෝගය බෝවිමක් සිදු වෙන නිසා නොව, රජයේ සුව අංශ මඟින් නිකුත් කර ඇති නිර්දේශ වලට අදාලව පමණකි. කිසිදු අවස්ථාවක අදාල රෝගියා මඟින් රෝගය බෝවේ යැයි නො සිතුය යුතුය.

 
වෛද්‍ය මහේන් කොතලාවල,
ක්ෂුද්‍ර ජිවය සහ ආසාදන පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
ජාතික රෝහල,
මහනුවර.

Loading

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top