ලොව සුපතල විද්‍යාඥවරියකගේ ජීවන ගමන් මගෙන් බිඳක්….

“විද්‍යාවට විශාල අලංකාරයක් ඇතැයි සිතන අය අතර මම ද සිටිමි” –  “මාරි කියුරි”

1867 නොවැම්බර් 7 වෙනි දින පෝලන්තයේ වෝර්සෝ හි උපත ලැබු ඇගේ උපන් නම මාරියා ස්ක්ලොඩොව්ස්කා වූ අතර​​ ඇගේ පවුලේ සාමාජිකයින් ඇය හැඳින්වූයේ මාන්යා යනුවෙනි. ඇගේ පියා ගණිතය සහ භෞතික විද්‍යාව ඉගැන්වූ අතර මව බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය වූවාය. කුඩා කල සිටම​ තියුණු මතකයක් තිබූ ඇය අධ්‍යයන කටයුතු සඳහා වෙහෙස මහන්සි වී වැඩ කළාය. මාරි වයසින් වැඩෙත්ම ඇගේ පවුල දුෂ්කර කාලවලට මුහුණ පෑවාය. එකල පෝලන්තය, රුසියාව යටතේ පැවතුනි. මිනිසුන්ට පෝලන්ත භාෂාවෙන් කිසිවක් කියවීමට හෝ ලිවීමට පවා ඉඩ දුන්නේ නැත. පෝලන්ත පාලනයට පක්ෂව සිටි නිසා ඇගේ පියාගේ රැකියාව අහිමි විය. පසුව, මාරිට වයස අවුරුදු 10 දී ඇගේ වැඩිමහල් සොහොයුරිය වූ සොෆියා අසනීප වී ටයිෆස් රෝගයෙන් මිය ගියාය. අවුරුදු දෙකකට පසු ඇගේ මව ක්ෂය රෝගයෙන් මිය ගියාය. මාරි තරැණියට මෙය ඉතා දුෂ්කර කාලයක් විය.

උසස් පාසලෙන් උපාධිය ලැබීමෙන් පසු මාරිට විශ්ව විද්‍යාලයකට යාමට අවශ්‍ය වූ නමුත් මෙය 1800 ගණන් වලදී පෝලන්තයේදී තරුණියන් කළ දෙයක් නොවේ. විශ්ව විද්‍යාලය පිරිමින් සඳහා විය. කෙසේ වෙතත්, ප්‍රංශයේ පැරීසියේ සෝර්බෝන් නම් කාන්තාවන්ට සහභාගී විය හැකි ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් තිබුණි. බ්‍රොනිස්ලාවා උපාධිය ලබා වෛද්‍යවරියක වීමෙන් පසු මාරි ප්‍රංශයට ගොස් සෝර්බෝන් විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. ඒ වන විට මාරි ගණිතය සහ භෞතික විද්‍යාව පිළිබඳ පොත් රාශියක් කියවා තිබුණි. ඇයට විද්‍යාඥයෙකු වීමට අවශ්‍ය බව ඇය දැන සිටියාය. 1891 දී මාරි ප්‍රංශයට පැමිණියාය. එයට ගැලපෙන පරිදි ඇය ඇගේ නම මැන්යා සිට මාරි ලෙස වෙනස් කළාය. මාරි දුප්පත් විශ්ව විද්‍යාල සිසුවියකගේ ජීවිතයක් ගත කළ නමුත් එහි සෑම මිනිත්තුවකටම ඇය ආදරය කළාය. ඇය බොහෝ දේ ඉගෙන ගත්තාය. වසර තුනකට පසු ඇය භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තාය. 1894 දී මාරීට පියරේ කියුරි මුණ ගැසුණි. මාරි මෙන්ම ඔහු ද විද්‍යාඥයෙකු වූ අතර ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳුණහ. අවුරුද්දකට පසු ඔවුන් විවාහ වූ අතර වැඩි කල් නොගොස් ඔවුන්ගේ පළමු දරුවා වන අයිරින් නම් දියණිය උපත ලැබුවාය. එකල​, විද්‍යාඥ විල්හෙල්ම් රොන්ට්ජන් සහ හෙන්රි බෙකරල් විසින් සොයා ගන්නා ලද කිරණ වලට මාරි වශී වූවාය. රොන්ට්ජන් එක්ස් කිරණ සොයා ගත් අතර බෙකරල් විසින් යුරේනියම් නම් මූලද්‍රව්‍යය මඟින් ලබා දෙන කිරණ සොයාගෙන ඇත. ඉන්පසු, මාරි ද අත්හදා බැලීම් කිරීමට පටන් ගත්තාය. දිනක් මාරි පිච්බ්ලෙන්ඩේ නම් ද්‍රව්‍ය පරීක්‍ෂා කරමින් සිටියාය. පිච්බ්ලෙන්ඩේ වල යුරේනියම් වලින් කිරණ කිහිපයක් ඇති වේ යැයි ඇය බලාපොරොත්තු වූ නමුත් ඒ වෙනුවට මාරිට බොහෝ කිරණ හමු විය. පිච් බ්ලෙන්ඩේ තුළ සොයා ගත නොහැකි නව මූලද්‍රව්‍යයක් තිබිය යුතු බව ඇයට ඉක්මනින් අවබෝධ විය.

 මාරි සහ ඇගේ සැමියා වු පියරේ කියුරි

මාරි සහ ඇගේ සැමියා විද්‍යාගාරයේ පැය ගණනක් ගත කළ අතර එහි ඇති නව මූලද්‍රව්‍ය ගැන සොයා බැලූහ. පිච්බ්ලෙන්ඩේ හි නව මූලද්‍රව්‍ය දෙකක් ඇති බව ඔවුන් අවසානයේ සොයා ගත්හ. ආවර්තිතා වගුව සඳහා නව මූලද්‍රව්‍ය දෙකක් ඔවුන් සොයාගෙන තිබුණි. මාරි එක් මූලද්‍රව්‍යයක් පොලෝනියම් ලෙස නම් කළේ ඇගේ මව්බිම වූ පෝලන්තය වු නිසාය. ඇය අනෙක් මූලද්‍රව්‍යය රේඩියම් ලෙස නම් කළේ එය එතරම් ප්‍රබල කිරණ ලබා දුන් බැවිනි. ප්‍රබල කිරණ නිකුත් කරන මූලද්‍රව්‍යය විස්තර කිරීම සඳහා කියුරි  යුවල විසින් “විකිරණශීලීතාව” යන යෙදුම ඉදිරිපත් කළහ.

1903 දී භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය මාරි සහ පියරේ කියුරි මෙන්ම හෙන්රි බෙකරල්ට විකිරණවේදය තුළ කළ සේවය වෙනුවෙන් පිරිනමන ලදී. නොබෙල් ත්‍යාගය ලැබු ප්‍රථම කාන්තාව බවට මාරි පත්විය. පොලෝනියම් සහ රේඩියම් යන මූලද්‍රව්‍ය දෙක සොයා ගැනීම සඳහා 1911 දී මාරි රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ද දිනා ගත්තාය. නොබෙල් ත්‍යාග දෙකක් ලැබු පළමු පුද්ගලයා ඇයයි. එයින් පසු, මාරි ඉතා ප්‍රසිද්ධියට පත් වූවාය. මාරි සමඟ විකිරණශීලීතාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥයෝ පැමිණියහ.

විකිරණවේදය පිළිකාව සුව කිරීමට උපකාරී වන බව වෛද්‍යවරු සොයා ගත්හ. පළමුවන ලෝක යුද්ධය ආරම්භ වූ විට තුවාල ලැබූ සොල්දාදුවෙකුගේ වැරැද්ද කුමක්දැයි තීරණය කිරීමට එක්ස් කිරණ භාවිතා කිරීමට වෛද්‍යවරුන්ට හැකි බව මාරි තම් තෙරැම් ගත්තාය. කෙසේ වෙතත්, සෑම රෝහලකම ඒ සඳහා ප්‍රමාණවත් එක්ස් කිරණ යන්ත්‍ර නොතිබුණි. එක්ස් කිරණ යන්ත්‍රයට රෝහලෙන් රෝහල වෙත ට්‍රක් රථයකින් ගමන් කළ හැකිය යන අදහස ඇය ඉදිරිපත් කළාය. මිනිසුන්ට යන්ත්‍ර ධාවනය පුහුණු කිරීමට පවා මාරි උදව් කළාය. ට්‍රක් රථ “කුඩා කියුරි” යන අරුත ඇති කුඩා පෙට්ටි “කියුරි” ලෙස හැඳින්වූ අතර යුද්ධයේදී ඇය සොල්දාදුවන් මිලියනයකට වැඩි පිරිසකට උදව් කර ඇතැයි සැලකේ.

1906 දී පැරීසියේදී කරත්තයක් පෙරලී මාරිගේ සැමියා වූ පියරේ මිය ගියාය. මාරි කියුරි සෝර්බෝන්හි භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වූයේ ඇගේ සැමියාගේ මරණයෙන් පසුව ය. මෙම තනතුර දැරූ ප්‍රථම කාන්තාව ඇයයි. ඇයගේ1921 දී මාරි විසින් ආරම්භ කරන ලද පැරිසියේ කියුරි ආයතනය තවමත් විශාල පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයකි. අත්හදා බැලීම් වලින් සහ එක්ස් කිරණ යන්ත්‍ර සමඟ වැඩ කිරීමෙන් විකිරණ වලට අධික ලෙස නිරාවරණය වීමෙන් 1934 ජූලි 4 දින ඇය මිය ගියාය.

ඇගේ පළමු දියණිය වන අයිරින් ද ඇලුමිනියම් සහ විකිරණ සමඟ කටයුතු කිරීම සඳහා රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනා ගත්තාය. මාරි ගේ දෙවන දියණිය වන ඒව් ඇගේ මවගේ ජීවිතය පිළිබඳ චරිතාපදානයක් ද ලියා ඇත​.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි

Loading

Scroll to Top